තමන් පොරොන්දු වූ නිශ්චිත දිනයේ දී ඉවත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා තිබේ.
මේ සම්බන්ධව අග විනිසුරුවරයා සමග ද සාකච්ඡා කර අවශ්‍ය නිශ්චිත වැඩපිළිවෙළ සූදානම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන්නේ වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
අගමැතිවරයා අද පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට නියතිමව ඇත.









