ශ්‍රි ලංකාවට ඉන්දියානු හමුදා එවීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ සූදානමක් නැති බව ඉන්දියානු රජය අවධාරණ කරයි.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එ පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අදහස් ද සහ ප්‍රචාරයන් කිසිසේත් ඉන්දීය රජයේ දැක්ම හා අදහස නොවන බවය.
The High Commission would like to categorically deny speculative reports in sections of media and social media about India sending her troops to Sri Lanka. These reports and such views are also not in keeping with the position of
the Government of India. (1/2)— India in Sri Lanka (@IndiainSL) July 10, 2022
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද්දේ ඉන්දියාවේ දේශපාලන නායකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ජනතා ඡන්දයෙන් පත් වූ ගෝඨභබය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ නායකයන්ගේ ආණ්ඩුව පළවා හැරීම නීති විරෝධී ක්‍රියාවක් බව දන්වා සිටීමෙන් පසුවය.
ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය රැක ගැනීම සඳහා ඉන්දීය රජය වහාම ශ්‍රී ලංකාවට ආධාර පිණස ඉන්දීය හමුදා යැවිය යුතු බවට ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඊයේ රාත්‍රි ට්විටර් පනිවිඩයක් මඟින් සඳහන් කර තිබිණි’
මේ කතාව කියවන්න….
මැර පිරිස පලවා හැර රාජපක්ෂලා රැක ගන්න වහා ඉන්දීය හමුදා ආධාර දිය යුතුයි – සුබ්‍රමනියන් ස්වාමි