පසුගිය 09 වැනිදා සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සිරස මාධ්‍යවේදීන් 06 දෙනෙකුට පහරදීමට අණ කළ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.
එම පහරදීමේ සිද්ධිය සම්බන්ධව සහ එම සිදුවීම වළක්වා නොගැනීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනා මත ආයතන සංග්‍රහයේ යටතේ පොලිස්පතිවරයාට ලැබි ඇති බලතලවලට යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ.
මෙම ප්‍රහාරයෙන් පසු රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවාසයට ගිනි තැබීමට මැර පිරිසක් කටයුතු කර තිබිණි.