නුවර නගරසභා හන්දියේ ඇති මහනුවර එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ ඊයේ (27) ආශු මාරසිංහ හා සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මහ මැතිවරණ සංවිධාන සාකච්ඡාවක් දැවැන්ත ගුටි කෙළියකින් හමාර වී ඇත.
සිද්ධිය සම්බන්ධව ආශු මාරසිංහ හා සාගල රත්නායක පොලිසියට පැමිණිලි කරන්නට සූදානම් වුවද එය ඉහළ උපදෙස් මත වැළකී ගොස් ඇතැයි වාර්තාවේ. මේ ගැටුම ඇති වී තිබෙන්නේ ඡායාරූපයක් ගැනීමට යෑමේදීය.
රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්රාදේශී්ය සභා මට්ටමේ නියෝජනය කැඳවා තිබිණි. ඒ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිරීම සඳහා ශාන්තිනී කොන්ගහගේ විසින් කඳවාගෙන ඇවිත් තිබේ. ඔවුන්ට යළි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා දී සමූහ ඡායාරූපයක් සඳහා සූදානම් වෙද්දී මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර තරග වදින අපේක්ෂයෙක් වූ ලාෆීර් හජියාර් ඇරයුමකින් තොරව ඡායා රූපය වෙත පෙනී සිටින්නට පැමිණ තිබේ.
තමන්ට අවස්ථාව නොදී එසේ සමහර පුද්ගලයන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාව ලබා දෙන විට ඊට විරුද්ධ වූ පිරිස තම තමන්ගේ පුද්ගලි ආරවුල්ද සිහි කරමින් කළ වචන හුවමාරුව මහා ගාලගෝට්ටියක් වී දැවැන්ත ගුටි කෙළියක් බවට පත්ව ඇත. අනතුරුව සිද්ධිය පිටට යෑම වැළැක්වීම සඳහා ශාලාවේ දොරවල් සියල්ල වසා තිබේ.
අනතුරුව මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්නට වූ සූදානම එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් විසින් වළක්වා තිබේ.