බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

කොමිසමත් සංවේදි කළ පියතුමාගේ සාක්කිය

by editor
ජූනි 28, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හා ඒ එක් ජිවිතයක් රැක ගැනීම සඳහා මනුෂ්‍යයන් ලෙස තමන් කැපවූ ආකාරය පැහැදිළි කරමින්  ලෝරන්ස් රාමනායක පියතුමා පසුගිය 26 වැනිදා අතිශය සංවේදී සාක්ෂියක් ලබා දුන්නේය. පාස්කු ප්‍රහාරයෙන් සදාකාලික අබාධිත තත්වයට පත්වූ මවක් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 338ක් වියදම් කළ ආකාරයත් ඉන් ආසිරි රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා පමණක් වැය වූ ලක්ෂ 110ක පූර්ණ වියදමම එම රෝහල් බලධාරීන් විසින් කපා හැරිය ආකාරයත් පියතුමා දෙනෙතේ කඳුළු පුරවාගෙන කොමිසම හමුවේ කීහ. මෙවන් මහා අමානුෂික ඛේදචාක හමුවේ ස්වකීය ජනතාව වෙනුවෙන් පෙනී සිටි කාදිනල් තුමාගේ විශිෂ්ට නායකත්වය දේශපාලනයකට ලඝු කර ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව උන්වහන්සේ  සිය කණගාටුව කොමිසම හමුවේ පල කළහ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන්  සභාව ඊයේ රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

ලෝරන්ස් රාමනායක පියතුමන් 25 වෙනිදා රාත්‍රියේදීද කොමිසම හමුවේ දීර්ඝ ලෙස කොමිසම හමුවේ සාක්ෂි දුන්හ. පසුගිය 26 වෙනිදා කොමිසම හමුවේ උන්වහන්සේගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරාය.

කොමිසම හමුවේ මෙදින ලෝරන්ස් රාමනායක පියතුමන් පැහැදිලිකර දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව සිට මාස 14 ක් රෝහල්ගතව සිට ඊට දින කිහිපයකට පෙර සිය නිවසට රැගෙන ගිය දෙදරු මවක් ගැනය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

“කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ලවුණු  ප්‍රහාරයෙන් තුවාල ලබා වසරකට අධික කාලයක් රෝහල්ගතව සිටි තිලිනා හර්ෂණී නැමැති මව ඉකුත් සතියේ රෝහලින් සිය නිවස වෙත රැගෙන ගියා. ඇය ජීවත්වේවි යැයි කියා විශ්වාසයක්වත් තිබුණේ නැහැ. දින 72 ක් ඇයට ආසිරි රෝහලේ ප්‍රතිකාර කරන්නට සිදුවුනා. රුපියල් ලක්ෂ 110 යි එම රෝහලේ ඇය වෙනුවෙන් ලබාදුන් ප්‍රතිකාරවල බිල්පත. එහෙත් එම රෝහල එම මුදල ලබාගත්තේ නැහැ.

ඇගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 228 ක් ඊට අමතරව ප්‍රතිකාර සහ ඹෟෂධ සඳහා වැය කරන්නට සිදුවුනා. ඇය දිරිය මවක්. එක් ඇසක් අහිමියි. දෑතේ ඇගිලි වලින් වැඩ කරන්නේ එක් ඇඟිල්ලක් පමණයි. තුනටියෙන් පහළ පණ නැහැ. ඒත් ඇය අපෙන් ඉල්ලන්නේ ඇඟිලි පහක් වැඩ කළානම් මම දරුවන්ව ජීවත්කරවනව කියලයි. ඇයට අපි ඉලෙක්ට්‍රෝනික් රෝද පුටුවක් පවා ලබාදුන්නා. නිවසේ ඇය වෙනුවෙන් වෙනම කාමරයක් සකස් කලා. පැය විසි හතරම ඇයව බලා ගන්න හෙදියක් නතර කළා. ඇයට උපදේශන සේවාවන් දිගින් දිගටම ලබාදෙනවා.“

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය එක් පවුලක් වෙනුවෙන් එවකට පැවැති රජය රුපියල් මිලියනයක් දුන්නා නේද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඔව්, ගෙව්වා

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

එම මුදල් නොලැබුණු අයත් ඉන්නවද?

ලෝරන්ස් රාමනායක පියතුමා

කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි දෙදෙනෙක් ඉකුත් ජනවාරි මාසයේත් මාර්තු මාසයේදීත් මිය ගියා. එම පවුල් දෙකට විතරක්  එම මුදල ලැබිල නැහැ.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

විපතට පත්වුණු දරුවන් වෙනුවෙන් අගරදගුරු හිමිපානන් ඩයලොග් ආයතනය සමග එක්ව යම් ගිවිසුමක් අත්සන් තැබුවද?

ලෝරන්ස් රාමනායක පියතුමා

කටුවපිටියේ දරුවෝ 115දෙනෙකුත් කොච්චිකඩේ දරුවෝ 102 දෙනෙකුත් විපතට පත්වූ අය අතර සිටිනවා. ඒ අයට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්නට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනකට අදාලව ගිවිසුමකට එළඹුනා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

මුස්ලිම් ලෝක සංවිධානය විසින් යම් ප්‍රතිපාදනයක් ලබාදුන්ද?

ලෝරන්ස් රාමනායක පියතුමා

එම සංවිධානයේ ප්‍රධානියා මොහොමඩ් බින්. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 වසරේදී  ඔහු ලංකාවට පැමිණියා. ඒ කණ්ඩායමක් සමගයි. ඒ පැමිණියේ ඔවුන් නියෝජනය කරන ආයතනයෙන් පාස්කු බෝම්බ පිපිරිමෙන් හානි වූ අයට පහසුකම් සපයන්න මූල්‍යමය ආධාරයක් දෙන්නයි.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කොපමණ මුදලක්ද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක්. එදා ඔවුන් මෙරටට පැමිණ ගුවන්තොටුපොලේ ඉඳන් කෙලින්ම පැමිණියේ කාදිනල් හිමියන් මුණගැසෙන්නයි. විපතටපත්වූ ජනතාවට ලබාදීම සදහා එම මුදල රජය හරහා ලබාදෙනවා කියල ඒ අය කාලිනල් හිමිපානන්ට සඳහන් කළා. අප පසුව දැක්කා එම සංවිධානය එවකට හිටපු ජනාධිපතිවරයාට නෙළුම්පොකුණ ශාලාවේ පැවැති උත්සවයකදී එම මුදල් චෙක්පතට අදාල අනුරුවක් ලබාදෙනවා.

(මෙම අවස්ථාවේදී මෙම මුදල් සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමි විසින් කරන ප්‍රකාශයකට අදාල වීඩියෝවක් කොමිසම හමුවේ විකාශය කෙරුණි. මුස්ලිම් සංවිධානයෙන් ලද එම මුදල් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් වියදම්කර නැති බවත් එම මුදලට කුමක් සිදුවීදැයි ප්‍රශ්න කරන ආකාරයක් එම වීඩියෝවෙන් දිස්විය.)

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

බස්නාහිරප ආණ්ඩුකාර කාර්යාලයෙන් යම් මුදල් පරිත්‍යාගයක් ලැබුණද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඔව්. චෙක්පත් දෙකක් ලැබුනා. ඒ රුපියල් ලක්ෂ විසි පහ බැගින්. ලක්ෂ පනහක්. එම චෙක්පත් ලියල තිබුනේ 2019 වසරේ අප්‍රේල් 29 වෙනිදා. එම චෙක්පත් අවලංගු වීමට නියමිතව තිබුනේ 2019 වසරේ ජුනි 20 වෙනිදා. ඒත් එය තවත් දින 30 කට දීර්ඝකිරීමේ නිල මුදාවක් සඳහන්ව තිබුණා. එම චෙක්පත් දෙක අගරදගුරුතුමන් අතට පත්වන්නේ 2019 ජූලි 19 වෙනිදා. එම චෙක්පත් අවලංගු වීමට තිබුනේ එක් දිනක් පමණයි. එම චෙක්පත් අපි භාරගත්තා. ගිණුම්වලට බැර කළා. ඒබව ආණ්ඩුකාර කාර්යාලයට දැනුම්දීමකුත් කලා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කාදිනල් හිමිපානන් වහන්සේගේ ආරක්ෂාවට වෙඩි නොවදින වාහනයක් ලැබුනා නේද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ කාදිනල්හිමිපානන් වහන්සේලා ඉන්නේ දෙන්නෙක් පමණයි. ඒ එක් අයෙක් වන්නේ තෝමස් කාදිනල. දෙවැන්නා තමයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්. මෙම කාදිනල් හිමිපානන් වහන්සේ යටතේ සේවය කිරීමට ලැබීමත් භාග්‍යක් ලෙසයි අපි සලකන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් පසු උන්වහන්සේට එවකට පැවැති රජය විසින් වෙඩි නොවදින කාර් රථයක් දුන්නා. මමත් ඒ කාර් රථය ගෙනාපු දවසේ අතගාල බැලුවා.  ඒත් කාදිනල් හිමිපානන් එම රථය ඒ මොහොතේම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේගේ ආරක්ෂාවට ඒ වන විට යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරින් යොදවල සිටියා. ඒ අය කිව්වා අපි ඉල්ලලයි මේ වාහනේ ගත්තේ කාදිනල් හිමිපානන් එළියට යනකොට දැන් අපිට බයක් නැහැ කියල. ඒත් වාහනේ පෝටිකෝවේ නවත්තල තියන්න පුළුවන් වුනේ විනාඩි 15 ක් විතරයි. උන්වහන්සේ පැවැසුවා ගෙනාපු කෙනාම මගේ භූමියෙන් මේක අරගෙන යන්න කියල. මගේ ජනතාව ආරක්ෂාකර දෙන්න බැරිවුනානන්, මාව ආරක්ෂා කරන්නේ ඇයි කියල උන්වහන්සේ ඇසුවා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කාදිනල් හිමිපානන් වහන්සේ දේශපාලන අරමුණක් ඇතිව කටයුතු කරන බවට චෝදනාවක් කරනව.

ලෝරන්ස් රාමනායක පියතුමා.

කාදිනල්හිමිපානන්ට යම් දේශපාලන පක්ෂයකට පක්ෂාග්‍රාහීව ලෙන්ගතුව කටයුතු කරන්න ඕනේ නම් ඇති තරම් අවස්ථාවන් තිබෙනව. ඒත් උන්වහන්සේ  පක්ෂ දේශපාලනයේ කිසිසේත්ම නිරතවෙලා නැහැ. ඒ ගැන ඇතැමුන් කරන ප්‍රකාශ කිසිසේත් අනුමත කරන්නත් බැහැ. උන්වහන්සේ කතෝලික ජනතාවගේ නායකයා. ඒ ජනතාව වෙනුවෙනුයි උන්වහන්සේ කටයුතු කළේ. ඒ පැවැති දේශපාලන අධිකාරියට උන්වහන්සේ සිය හඩ අවදිකළේ කතෝලික ජනතාවට සාධාරණය ඉල්ලලයි. දැන් පවතින දේශපාලන අධිකාරියටත් උන්වහන්සේ අවශ්‍ය වෙලාවට කටහඬ අවදිකරයි.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු සම්බන්දයෙන් රජය ගෙනයන පියවර ගැන සෑහීමට පත්විය හැකිද?

ලෝරන්ස් රාමනායක පියතුමා

පැවැති රජය තීන්දු තීරණ කිහිපයක්ම ගත්තා. ඒවායින් සමහර දේවල් ක්‍රියාත්මක වුනා. ඒ වගේම තවත් දේවල් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. පෙර රජය දේවස්ථාන හදල දෙන්න පොරොන්දු වුනා. ඒ වගේම අපේ දේවස්ථාන දෙකම හදල දුන්නා. නාගරික ජනාවාස ව්‍යාපෘතිය හරහා හානියට පත්වූ ජනතාවට නිවාස ලබාදීමේ වැඩ සටහනකට මුල පිරුවා. ඒ සඳහා ඉඩම් මිලදී ගැනීමක් අපි කළා. පැවැති රජය සැළසුම් හැදුවා. නිවාස ඉදිකරන්නට මුල්ගල් තැබුවා. ඒත් දේශපාලන වෙනසත් සමග එම කටයුත්ත ඉදිරියට කරන්න බැරිවුනා.

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඒ ඉතුරු දේවල් ටික කරන්න කියල කාදිනල්හිමිපානන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදටත්  අසාධ්‍යව සිටින බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ගන්නා රෝගීන් 39 දෙනෙක් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාදී ඒ වැයවන මුදල් රජයේ අරමුදලකින් පියවීමට   පියවර අරගෙනයි තියෙන්නේ. ඒ වගේම අතර මග ඇනහිටිය නිවාස ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට අගමැතිවරයා එම අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. දැනට අපි එම ඉඩමේ නිවාස 06 ක් ඉදිකිරීමට ආරම්භ කළා. ඒ ඉතාලියේ මෙරට ජනතාවගෙන් ලද අරමුදල්  යොදවල.

(මෙම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කිහිප දෙනෙකුගේ ජායාරූප කොමිසම හමුවට ලෝරන්ස් රාමනායක පියතුමන් ඉදිරිපත් කළේය. ඒ එක් එක් ඡායාරූපයේ සිටින කුවාලකරුවන් ගැන යම් පැහැදිලි කිරීමක් එතුමන් කරන්නට වූහ. එහිදී අවස්ථා කිහිපයකදීම උන් වහන්සේ සංවේදී වූයේ කදුළු සලමිනි. එම අවස්ථාවේදී කොමිසමේ කොමසාරිස්වරියක්වන මංගලිකා අධිකාරී මහත්මියද සංවේදී වන අයුරු දකින්නට විය.)

ලෝරන්ස් රාමනායක පියතුමා

මෙම කොමිසන් සභාව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා. අපි වන්දි නෙවෙයි ඉල්ලන්නේ. සාධාරණයයි. සාධාරණත්වය වෙනුවෙනුයි හඩ නගන්නේ. මෙම කොමිසන් සභාවට කතෝලික ජනතාව ස්තූතිවන්ත වෙනවා. මේ තරම් ගැඹුරින් තොරතුරු සොයන වෙන කොමිසමක් නැති තරම්.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

මෙම බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් තුවාල ලැබූළුන්ගේත් ඒ අයගේ පවුල්වලත් වේදනාව කඳුළ, දුක වසරකට ආසන්න කාලයක් තුළ අපි මේ කරන ක්‍රියාදාමයේදී හොඳින් වැටහුනා. ඒ වගේම අපිට හොදට දැනුනා. ඒ නිසයි දිවා රෑ නොබලා බොහෝ අවස්ථාවන්වලදී අපගේ පවුල්වල පුද්ගලික කරුණු පැත්තක තියල මේ ක්‍රියාදාමයේ නිරතවෙලා ඉන්නේ.

මේ කටයුත්තේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය ඉහළින්ම ලැබිල තියෙනවා. ඒ වගේම තමයි කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකයේ නිලධාරීන්ගේ දායකත්වයත් ලැබිල තිබෙනව. කොමිසමේ අනිකුත් නිලධාරීන්ගෙනුත් මේ සඳහා දායකත්වයක් ලැබෙනව.

මේ ක්‍රියාදාමයේ අපි නිරතවෙලා ඉන්නේ සත්‍ය සොයාගෙන ජනතාවට ඒ ගැන අනාවරණය කිරීමටයි. ඒ අපේ කාර්යයක්. අපිට ලැබිල තිබෙන බලතලවලට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා.

Tags: විශේෂ
Share77Tweet43
Previous Post

යූ.එන්.පී නුවර නුවර සංවිධායකයෝ ගුටි කෙළියක…

Next Post

මුස්ලිම් අධ්‍යාපන බලධාරීන්ගේ අන්තවාදය පාස්කු කොමිසමේ දී හෙළි වේ..

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.