සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ ආර්ථික අවුලට පිළියමක් හොයන්න “ ආසියාවේ රැජන“ කළඑළි බැස්ස හැටි…

හිමිකරුවන් ඇය ගැන කී කතාව....

by editor
දෙසැම්බර් 12, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික  ගැන අද (12) හිමිකරුවෝ මාධ්‍යයට හෙළිදරව් කළහ. මේ හෙළිදරව්ව නිල වශයෙන් සිදුවූයේ අද දහවල් 12ටය.  එතෙක් මැණිකගල තැන්පත් වී තිබුණේ හොරණය.

ඇයව නම් කර ඇත්තේ ආසියාවේ රැජන ලෙසය. දැන් අප කවුරුත් දන්නා පරිදි මැණික් ගලේ බර කිලෝ ග්‍රෑම් 310කි.

ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) වූ මේ නිල් මැණික් ගලේ හිමිකරු  චමිල සුරංගය.   ලෝකයේ විශාලතම තනි මැණික් ගල හිමි සමාගමේ හිමිකරුවා ඔහුය. චමිලගේ ආයතනය ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ය.

චමිල අපට කියන්නෙ මෙවැනි කතාවකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ ඇත්තටම මේ ගල අපි ලෝකයට ඉදිරිපත් කරන්න හේතු වුණේ   රට දැන් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා. අපි බලාපොරොත්තු වෙනවා මේක ඉහළ මිලකට ලෝකයේ ගැණුම්කරුවෙකුට ලබාදෙන්න. මේකට ඉදිරිපත් වෙන ඉහළම මිලට ඒක අලෙවි වෙයි.“

මේ මැණික් ගලේ ව්‍යුහාත්මක ස්වරූපය ගැන චමිල අපට විග්‍රහ කරන්නේ මෙසේය.

“ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේ ගල හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය.“

“මේකෙ නිල් පැහැය තියෙනවා.   සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 310ක්. අපි හිතමු කිලෝග්‍රෑම් 1ක් මේකේ Blue Sapphire තිබ්බොත් ඒකේ වටිනාකම ඩොලර් මිලියන 100ක් විතර වෙයි. නමුත් මේකෙ කිලෝග්‍රෑම් 1කට වැඩිය තිබ්බොත් ඊට වැඩිය ලොකු වටිනාකමක් ගන්න පුළුවන්.“

“මේක ලැබුණාම අපිට විවිධ යෝජනා ආවා  මේක කපලා ඇතුළේ තියෙන නිල් ටික බලන්න. මා හිතන්නෙ මේක කපලා කොටලා මේක ඇතුළේ තියෙන නිල් ටික ගන්න එක නෙමෙයි වැදගත්. මේ වගේ දේවල් ලෝකෙ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ලංකාවේ. ආභරණවලට දාන්න පොඩි මැණික් ඕන තරම් හම්බවෙනවා. මේක කෞතුකාගාරයකට තමයි වටින්නේ. අනාගත පරපුරට බලාගන්න. “

ඔහු කියන්නේය.

මේ මැණික් නිධිය හම්බවී ඇත්තේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයෙනි. ඒ බව කියන්නෙ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියය. එහෙත් මේ මැණික් නිධිය හමුවූ ස්ථානයේ තවමත් ගවේෂණ සිදුවෙමිනි. ඒ හේතුවෙන්  මැණික හමුවූ ස්ථානය පිළිබඳව හෙළි කිරීමට ඔවුන් ඉක්මන් වන්නේ නැත.

ලොව විශාලම තනි මැණික හිමි  ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ලංකා     මැණික් පර්යේෂණ කරන ආයතනයකි. මැණික්වලට සහතික දෙන සහ සේවා සපයන ආයතනකි.  ඔවුන් ආසියාවේ රැජන සමග බලාපොරෝත්තු සහගතවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ මුල්ම කේබල් කාර් ව්‍යාපෘතියට අත්සන් තැබේ…

Next Post

වෙසක් දා ට තහනම් මත්ද්‍රව්‍ය නත්තලටත් තහනම් කළ යුතුයි… නත්තල බාල්දු කරන්න එපා – කාදිනල් හිමි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.