වෙසක් දවසට තහනම් මත්ද්‍රව්‍ය නත්තල් දවසටත් තහනම් විය යුතු යැයි පැවසූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ නත්තල් දා රාජ්‍ය අවසරය ඇතිව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට අවස්ථාව දෙමින් නත්තල බාල්දු නොකරන්නැයි සංචාරක අමාත්‍යාංශයෙන් අද (12) විශේෂ ඉල්ලීමක් කළහ.
ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙයකට එක්වෙමින් කාදිනල් හිමියන් ඒ බව සඳහන් කළහ.
උන්වහන්සේ කීවේ ආගමික උත්සවයක් යනු කටගොන්නක් බී මැරෙන එකක් නොවන බවය.
උන්වහන්සේ මෙසේ ද කීහ.
“අද පත්තරේ තියනවා නත්තල් දවසට මත්ද්‍රව්‍ය විකුණන්න සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල් සහ ආපන ශාලාවලට අවසර දෙන්න කියලා. . හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්.“
“නත්තලත් බාල්දු කරනවා. “
“සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්නට ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි. බීලා බීලා ජීවිතය නාස්ති කර ගැනීම නෙමෙයි. ආගම කියන්නෙ ඊට වඩා බොහෝම උතුම් දෙයක්. “
“2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැඟෙනවා.”
“ඒ අය නම් පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් තාම ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව අපට පෙනෙනවා..”
මොනම පක්ෂයක වුනත් දේශපාලන නායකයන්ට අතකොළු වෙන්න අවශ්‍ය නෑ. අපි උගන්වන දර්ශනය ඊට වඩා හුඟාක් ඉහළයි. ඔය එක දේශපාලන නායකයෙක්වත් ඒ තරම් තරම් උසස් නෑ. “ කාදිනල් තුමෝ කීහ
ඒ අවස්ථාව දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුනේ මෙසේය.