බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දරු පැටියාගේ වකුගඩු දෙකම ගැලෙව්ව ද?. අප නොදන්නා කතාව ගැන විශේෂඥ  ශල්‍ය වෛද්‍යවරයෙකුගේ පැහැදිලි කිරීම!

by editor
අගෝස්තු 3, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී නරක්වූ වකුගඩුවක් ඉවත් කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මයකදී අවුරුදු 3 මාස 3 ක් වයසැති පිරිමි දරුවකුගේ නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා දරුවා මිය යෑමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට රටම තිගැස්සිලා.

කතාව වඩාත් ආන්දෝලනයට ලක් වන්න  තවත් විශාල  හේතුවක් තියනවා.

දරුවා පිළිබඳව පසුගිය 29 වැනිදා   ස්ථානීය පරීක්‍ෂණයක් කළ  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින්  දරුවාගේ මරණය නිශ්චිත කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙසට නියෝග  කර තිබුණා.

එම නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණය  සිදුකළේ  කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක්.

රුහුල් හක් කියන්නේ ආන්දෝලනයකට ලක් වෙමින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා දුන් චෝදනා සහිත ඉතිහාසයක් සහිත අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා. ඔහුගේ අධිකරණ වෛද්‍යවාර්තාව නීතිඥයින් විසින් බරපතල ලෙස ප්‍රශ්න කළා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

  • නිතිඥවරුන්ගේ තර්කයක

රහුල් හක් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව  අනුව එම දරුවාට උපතින්ම පිහිටා ඇත්තේ එක වකුගඩුවක් බව   පොලිසිය අධිකරණයට පැවසුවා.

දරුවාගේ මරණය සම්බන්ධව බොරැල්ල පොලිසිය මුලින්ම අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ  අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත්කර ඇති  බවටයි.  එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේ කරුණු ගෙනහැර දක්වමින් පොලිසිය දෙවැනි වර අධිකරණයට කිව්වේ දරුවාට පිහිටා තිබුණේ එක වකුගඩුවක් පමණක් බවයි.

අගතියට පත් පාර්ශවය දැඩි ලෙස කිව්වේ  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් ක ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බයි.

දරුවා රෝහලට ඇතුළත්  කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ ඇතුළු  ස්කෑන් පරීක්‍ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්‍ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථවී ඇති බවත් නීතිඥවරු අධිකරණයේ දි පෙන්වා දුන්නා.

මේ තත්ත්වය තුළ  පෙර කී අධිකරණ වෛද්‍යවරයා එම දරුවාට උපතින්ම එක වකුගඩුවක් පමණක් පිහිටා ඇති බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කළේ මන්දැයි පුළුල්ව විමර්ශන කළ යුතු බව නීතිඥවරු තර්ක කළා.

එය වඩාත් බරපතල චෝදනාවක් දක්වා රැගෙන ගිය නීතිඥවරු අධිකරණයේ දී කිව්වේ  මෙය  අත්වැරදීමකින් සිදුවූවක් නොව මිනිස් ඝාතනයක් බවට බලවත් සැකයක් පවතින බවයි

  • විවෘත අධිකරණයේ දී රහුල් හක් ගැන විනිසුරුවරිය කී කතාව

අධිකරණ වෛද්‍ය නිලධාරි රහුල් හක් මින්  පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්න යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරියත් පැවසුවා.

එබැවින්  මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළේ යැයි කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව පදනම් කරගෙන එකී විමර්ශන සිදු නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නා.

ඇය නියෝග කළෙ ස්වාධීන සාක්‍ෂි ඔස්සේ විමර්ශන සිදු කරන ලෙසට ලෙසයි.   සියලුම වෛද්‍ය වාර්තා සහ රෝග නිශ්ඡය වාර්තා පුළුල්ව අධ්‍යයනය කර එකී මරණය  සම්බන්ධයෙන් සහ එම ශල්‍යකර්මය සිදුකළ  වෛද්‍යවරයා  සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඊයේ බොරැල්ල පොලිසියට නියෝග කළා.

දරුවාට තිබුණේ  එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි  බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

ඇය නියෝග කළේ  අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත්කර ඇති බවට මින් පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බැවින්  ශල්‍යකර්මයේදී ඉවත් කළ නිරෝගී වකුගඩුවට කුමක්  සිදුවූයේ දැයි අනාවරණය කරගැනීම සඳහා ද විමර්ශන සිදුකරන ලෙසයි. වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 9 වැනිදා දක්වා තැබුවා.

වෛද්‍ය විද්‍යාත්මකව සිදධිය ගැන කියවමු

අධිකරණයේ සිද්ධිය පෙළ ගැසෙන්නේ ඒ ආකාරයට. නමුත් අප නොදන්න අපට නොවැටහෙන බරපතල වෛද්‍ය විද්‍යාත්මක ගැඹුරක් සහිත කාරණයක් තියනවා. ලංකාවේ ගෞරවණීය විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙක් මෙන්ම කීර්තිමත් හෘද ශල්‍ය විශේෂඥවරයෙක්වන කොළඹ ජාතික රොහලේ සේවය කරන   විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ගාමිණී රණසිංහ එම ගැඹුරු විද්‍යාත්මක සිද්ධාන්තය තමන්ගේ එෆ්.බී පිටුවේ ලියලා තිබුණා  අප හැමෝටම තේරුම් ගත හැකි තරම් සරල විස්තරයක් විදිහට.

මේ උපුටනය ඒ ආකාරයෙන්ම ඔහුගේ එෆ් බී පිටුවෙන් අරන් පළ කරන්නෙ සිදුවන්නට ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව අප සියලු දෙනාට ඉතාම වැදගත් දැනුමක් දෙන නිසා…

වකුගඩු ප්‍රශ්නය .

මිනිසාගේ කළල විකසනය පියවර වශයෙන් සිදුවන්නේ. සමහර අවස්ථාවල කළල වර්ධනය සියලු පියවර සම්පුර්ණ නොවී මගදී නවතිනවා. ඒ නිසා හෘදය  ,වකුගඩු හා  ස්නායු පද්ධතිය වැනි ඉන්ද්‍රියන් සම්පුර්ණයෙන් වැඩිහිටි පරිනත තත්ත්වයට වර්ධනය වෙන්නේ නෑ. මේකට කියනවා intrauterine development arrest කියලා.

මිනිස් කළලයක් හැදෙන්නේ එක සෛලයකින්. සෛල ලක්ෂ සංඛ්‍යාත වාරයක් විභජනය වී මිනිසා නිර්මාණය වෙනවා.

වකුගඩු නිර්මාණය වෙන්නේ ඒ සඳහා  විශේෂිත එක් සෛල වර්ගයක් බෙදීමෙන්. ඉස්සරවෙලා එක වකුගඩුවක් හැදිලා  ඒක බෙදිලා ශරීරයේ දෙපැත්තට ගොස් මිනිසාගේ සාමාන්‍ය වකුගඩු දෙක හැදෙනවා.

නමුත් වකුගඩු දෙකක් හැදෙන්නේ නැතිව එකක් තියෙන්න පුලුවන්. සමහර විට වකුගඩු දෙක බාගෙට බෙදී ඇලිලා තියෙන්න පුලුවන්. නමුත් බෙදුන කොටස් දෙක දෙපැත්තට ගොස් මැදින් හා වෙලා තියෙන්න පුලුවන්. මේ වකුගඩුව අශ්ව ලාඩමක ස්වරූපය ගන්නා නිසා ඒකට “හෝස් ෂූ කිඩ්නීස්” කියලා කියනවා.

තවත් සමහර ළමයින්ගේ වකුගඩු දෙකම එකට ඇලිලා ශරීරයේ එකම පැත්තක තියෙන්න පුලුවන්. තවත් සමහර විට වකුගඩු දෙකින් එකක් ශරීරයේ අපි නොහිතන තැනක තියෙන්න පුලුවන්.

මේවා වන්නේ මිනිස් කළල වර්ධනයේදී සිදුවන අසාමාන්‍යතා නිසා.

මෙම බාගෙට හැදුන වකුගඩු තියෙන ළමයින්ට නිතරම පාහේ මුත්‍රා ආසාදන ඇතිවෙන ප්‍රවනතාවක් තිබෙනවා. රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව   මේනිසා ඔහුන්ගේ වකුගඩු ළමා කාලයේදී අක්‍රිය වෙනවා .සමහර විට වකුගඩු දෙකම හෝ එක වකුගඩුවක් අක්‍රීය වෙන්න පුලුවන් .

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ රෝගියා එවැනි රෝගියෙක්. එක වකුගඩුවක් අක්‍රීය වී ඇති  බවට රේඩියෝ අයිසොටොප් පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

ඉතින් සාමාන්‍යයෙන් අනික් වකුගඩුව හොඳ නම් නරක්වු වකුගඩුව අයින් කරන්න ඕනෑ. ඉතින් වෛද්‍යවරුන් තීරණය කළා නරක්වූ වකුගඩුව අයින් කරන්න.

කරුමෙක මහත… වකුගඩු දෙකම එකට ඇලිලා තිබිලා තියෙන්නේ. බොහෝවිට අයිසො ටොප් පරීක්ෂණයෙන් හරි හැටි එය විද්‍යාමාන නොවෙන්න ඇති. එය ඉතා විරල අවස්ථාවක්.

කවදාවත් ශල්‍ය වෛද්‍යවරයකු හිතා මතා එසේ කරන්නේ නෑ. ඉතා අහම්බෙන් එසේ සිදුවෙන්න ඇති. අහම්බෙන් සිදුවෙන ශල්‍යකර්ම සංකූලතා Surgical Misadventures විදියට තමයි හැඳින්වෙන්නේ. එසේ වූ විට  ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කොට ඊට තුඩුදුන් කරුණු සොයා බලා නැවත එවැනි දෙයක් සිදුනොවීමට වග බලා ගැනීම තමයි ලෝකයේ කොහෙත් සිදුවන්නේ.

 

වකුගඩු වල කළල වර්ධනයේ අසාමාන්‍යතා.

රූප සටහනේ

A.තනි වකුගඩුවක්
B.හෝස්ෂූ හෝ අශ්වලාඩම් වකුගඩු
C. දකුණු වකුගඩුව ශ්‍රෝණියේ පිහිටා ඇත. එය බොහෝ විට අක්‍රිය වේ.
D.වකුගඩු දෙකම එකම පැත්තේ හාවී ඇත.  අපේ රෝගියා ගේ තිබූ තත්වය විය හැකියි.
E.එක වකුගඩුවයි. මූත්‍රා නාල දෙකෙන් හැඟෙන්නේ එකක් ලෙස තිබුනද එකම පැත්තේ හොදින් හාවූ වකුගඩු දෙකක් ඇති බවයි. අපේ රෝගියා ගේ තත්වය මෙයද  විය හැකියි.
F හා G එවැනිම උදරයේ පහලින් අසාමාන්‍ය ලෙස ස්ථානගතවූ වකුගඩු .
( Isotop Scan පරීක්ෂණයක ජායාරූප පසෙකින් දැක්වෙනවා.)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුමාර වෙල්ගමට මහ මගදී විශ්‍රාමික විදුහල්පතිවරයෙක් පහර දෙයි… හේතුව ඉඩම් හබයක්!

Next Post

ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුළ යාපනයේ සරසවි ශිෂ්‍යාවක් සිය දිවි නසා ගනී!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.