දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ඊයේ (03) සිය දිවි හානි කරගෙන ඇත.
මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියකි. යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුළදී ඇය සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.
තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමග මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇත. ඔවුන් නේවාසිකාගාරයේ නොමැති අවස්ථාවක ඇය මෙසේ මිය ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.
මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.