හිටපු අමාත්‍ය, නව ලංකා නිදහස් පක්ෂයේ නායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අද (03) දහවල් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් විසින් පහර දී ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් බව සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන මතුගම පොලිිසය පවසයි.
දහවල් 1.50ට පමණ මතුගම අලුත්ගම ප්‍රධාන මාර්ගය අසල එළවළු වෙළඳහල් තුළ සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව විශ්‍රාමික විදුහල්පතිවරයා මන්ත්‍රීවරයාට පහර දී ඇත.
මෙම විශ්‍රාමික විදුහල්පතිවරයා අගලවත්තේ බෙල්විල පදිංචිකරුවෙකි.
මේ වනවිට පොලිිසිය විසින් සැකකාර විශ්‍රාමික විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ බව කියා මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.