මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව දිඹුලාගල පැළෑටියාව වැවේ අද (03) සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙක් හමුවී ඇත.
දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්නට එම ආඳා හමුවී ඇති අතර පසුව එම ආඳා ඔහු පැලැටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ, බණ්ඩාරට ලබාදී තිබේ,
එම් දුර්ලභ රන්වන් කහ පැහැති ආදා දැ කබලාගැනීමට ගම්මානයේ බොහෝ දෙනා පැමිණෙන බවද වාර්තාවේ.
මීට පෙර මෙවැනි රන්වන් කහ පැහැති ආඳෙකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවෙ මසුන් අල්ලන එම්.එම්.ෆාරුක් යන ධීවයෙකුටය,
මෙවැනි රන්පැහැති ආඳෙකු මීට පෙර කිසිදා නො දුටු බවද එම ප්‍රදේශයේ ධීවරයන් සඳහන් කළහ,
ආඳන් සාමාන්‍යයෙන් බෝවන්නේ ලවණ සහිත ජලයේය.








