ශ්රියානි විජේසිංහ
ගංවතුර හසුවී පසුගියදා වසා දැමූ මයියංගනය මූලික රෝහල අද (1) බාහිර රෝගීන් සදහා විවෘත් වූබව සෞඛ්ය අමාත්යංශයෙ තෘතීක සත්කාර සේවා අධ්යක්ෂ වෛද්ය ප්රියන්ත අතපත්තු මහතා සඳහන් කරයි.
රෝහලට විසන්ධි වී තිබු විදුලිය මේ වන විටත් ලබා දී ඇති අතර ජලය ලබා දීම කඩිනමින් සිදුකරන බවද ඒ මහතා පැවසුවේය.
රුධිර කාන්දුකරන සේවාවද අද ආරම්බ කල බවත් ඉතිරි අංශයන් ක්රමයෙන් ස්ථාපිත කිරිමට කටයුතු කරන බවත් හෙතෙම කීය.
ත්රිවිධහමුදාවේ සහය ඇතිව මේ වන විටත් රෝහලේ පිරිසිදු කිරිම් තවදුරටත් සිදුකරන බවද වෛද්ය අතපත්තු මහතා පවසා සිටියි.







