සමස්ථ රටම ලෙස ඉතිහාසයේ බිහිසුණුම හා අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට මුහුණ දී සිටින අවස්ථාවේ දී සියලුම දේශපාලන ජාතික ආගම් භේද අමතක කර ජාතිය වෙනුවෙන් එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද විශේෂ ප්‍රකාශයක් කරමින් ජාතියෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මිය ගිය මනුෂ්‍යයින්ගේ වටිනාකම මිනිය නොහැකි ජීවිත හැර එම පවුල්වලට අනෙක් සියලු දේම ලබා දීමට රජය කැපවන බවය. එමෙන්ම මනුෂ්‍යත්වය පිරි උතුම් මනුෂ්‍යයන්ගෙන් සමන්විත අයෝමය මානව සම්පත සහිත ජාතියක් සෑම අංශයකින්ම බිඳ වැටී සිටියත් නිසැකවම යළි ගොඩනැගිය හැකි බව විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා ඉතිහාසයේ ගිලිහී ගිය අවස්ථා මෙන් මෙම අවස්ථාව ගිලිහී යන්නට ඉඩ නොදෙන බව ජාතියට සහතික වුනේය.
හදිසි නීතිය ක්‍රියාත්මක කර රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නිශ්චිත නෛතික පෙළගැස්ම සිදුකරනවා සේම මුදල් වියදම් කිරීමට බාධා ඇති කරන චක්‍රලේඛ වෙනස් කර සද් භාවයෙන් යුතුව ජනතාව වෙනුවෙන් රාජ්‍ය ධනය වියදම් කිරීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අයැවැයෙන් වෙන් කළ මුදල් ප‍්‍රමාණය මදි වන්නේ නම් පාර්ලිමේන්තුව හරහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර සම්මත කරවාගෙන අදාල සංවර්ධන ඉලක්ක මුදුනු පමුණුවාගන්නා බව පැවසුවේය.
පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ කතාවය.







