බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ඉතිරිවෙන බත් ටිකෙන් රස ඉතිරෙන කෑම හදමු

by editor
සැප්තැම්බර් 12, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

බත් කියන්නේ ලංකාවේ අපේ ප්‍රධානම ආහාරයයි. අපි ඉතින් තුන්වේලම වගේ බත් කන්න පුරුදුවෙලා ඉන්නවා.දැන් ඉන්න හුඟක් ගෘහණියෝ ඉතුරු වෙන බත් ටික විසි කරල දාන්න පුරුදු වෙලා. කෑමක් අහක නොදා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද අපි මේ කියන්නේ ලෝබකම් කරන්න කියලා නෙවෙයි, අද අපි මේ ලියන්න හදන්නෙ එදිනෙදා ගෙදර ඉතිරි වෙන බත් වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැන.

1. රයිස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉතිරි වූ බත්
    බිත්තර 3ක්
    ඊස්ට් ග්‍රෑම් 4ක්
    සීනි මේස හැන්දක්
    කෝන් පිටි ග්‍රෑම් 150ක්
    පාන් පිටි ග්‍රෑම් 150ක්
    කැරට් අලයක්
    සොසේජස්
    ළූණු කොළ
    ලුණු ස්වල්පයක්
    වතුර මිලි ලීටර 200ක්

ඉතිරි වූ බත් ග්‍රෑම්300 කට බිත්තර දමා කවලම් කරගන්න. එම මිශ්‍රණය බ්ලෙන්ඩ් කර එයටම වතුර එක් කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍ර කර ගත් බත් තලපය බදුනකට දමා එයට ඊස්ට් සහ සීනි, කෝන් පිටි සහ පාන් පිටි එකතු කර හොඳින් අනාගන්න. අතේ නොඇලෙන ගානට එන තෙක් මිශ්‍රණය හොඳින් අනා ගත යුතුය. දැන් මෙම මිශ්‍රණය පොලිතින් එකකින් ආවරණය කර පහන් වන තුරුම ශීතකරණයේ තබන්න. පසුදා උදෑසන කැරට් අලය සහ සොසේජ් ගෙන කොටු හැඩයට කුඩාවට කැපිය යුතුය. ළූණු කොළ මිටක් සිහින්ව ලියා
ශීතකරණයෙන් එළියට ගත් පිටි මිශ්‍රණයට මේ සියල්ල හා ලුණු සිවල්පයක්ද එක් කොට හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මිශ්‍රණය වසා විනාඩි 10ක් තැබීමෙන් පසු එය බඳුනකට දමා බේක් කරගන්න.

2. බත් ආප්පඅවශ්‍ය ද්‍රව්‍ය

බත් කෝප්ප බාගයක්
ගාගත් පොල් කෝප්ප බාගයක්
තෙත හාල් පිටි කෝප්පයක්
වතුර කෝප්පයක්
ආප්ප සෝඩා / බේකින් සෝඩා තේ හැඳි 1/4
ලුණු තේ හැඳි කාලක්
පොල් තෙල් ස්වල්පයක්

බත්වලට ගාගාත් පොල් දමා වතුර කෝප්ප බාගයක් එක් කොට තලපයක් වන සේ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට තවත් වතුර කෝප්ප කාලක් දමා නැවත බ්ලෙන්ඩ් කර ගන්න. දැන් එම මිශ්‍රණයට තෙත හාල් පිටි හා වතුර කෝප්ප කාලක් එක් කර නැවත මිශ්‍රණය බ්ලෙන්ඩ් කරන්න. මිශ්‍රණය වෙනත් බඳුනකට දමා අතින් හොඳින් කවලම් කර ආප්ප සෝඩා, බේකින් සෝඩා හා ලුණු එක් කරගන්න. නැවත හැන්දෙන් හොඳින් කවලම් කර විනාඩි දහයක් පමණ වසා තබන්න.  විනාඩි දහයකට පසු පෑන් එකක්ට පොල් තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු මිශ්‍රණයෙන් ටිකක් හැන්ඳකින් ගෙන රත් වූ බඳුනට වත් කර රවුම් හැඩයට හදා ගන්න. ගින්දර තරමක් වැඩි කර උඩ කොටස පිසුණු පසු අනෙක් පැත්ත දමා  ලා දුඹුරු පැහැ වන තෙක් පිසගන්න

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

3. චීසි රයිස් බෝල්ස්අවශ්‍ය ද්‍රව්‍ය

  • බත් කෝප්ප 1 1/2
    තම්බාගත් අල ගෙඩියක්
    පුංචියට කොටු කපා ගත් කැමති චීස් වර්ගයක්
    ලුණු
    ගම්මිරිස්
    චොප් කරගත් ළූණු ගෙඩි 1/2ක්
    චොප් කරගත් අමු මිරිස් කරලක්
    බිත්තරයක්
    පාන් කුඩු
    පොල් තෙල්

බත් සහ අල ගෙඩිය වෙන වෙනම පොඩි කර අලවලට ලුණු, ගම්මිරිස්, ළූණු සහ අමු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. පසුව එම මිශ්‍රණයටම පොඩි කර ගත් බත් ටිකෙන් ටික එකතු කර මිශ්‍ර කරගන්න. දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන අල්ලට තෙල් තවරා එය මැදින් චීස් කැබැල්ලක් තබා බෝල කරගන්න. සාදාගත් බෝල බිත්තර සාරු තවරා, පාන් කුඩු දවටා, ගැඹුරු තෙලේ බැදගන්න.

4. රයිස් පකෝඩාඅවශ්‍ය ද්‍රව්‍ය

  • බත් කෝප්පයක්
    චොප් කරගත් පොඩි ලූණු ගෙඩියක්
    සිහින්ව කපාගත් අමු මිරිස් කරලක්
    සූදුරු ඇට තේ හැඳි 1/4ක්
    අබ ඇට තේ හැඳි 1/4ක්
    කඩල පිටි මේස හැඳි 5ක්
    කපාගත් කොත්තමල්ලි කොළ කප් 1/4ක්
    කහ ස්වල්පයක්
    ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු ස්වල්පයක්
    පෙරුම්කායම් ස්වලපයක්
    මී කිරි මේස හැඳි 2

බත් ටික හැන්ඳකින් හොඳින් පොඩි කර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එයට එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය විනාඩි 10-15ක් වසා තබන්න. පසුව ගැඹුරු තෙලට මිශ්‍රණයෙන් හැන්ද බැගින් එක් කර රන්වන් පැහැ වනතුරු බැදගන්න.

5. බත් තෝසේඅවශ්‍ය ද්‍රව්‍ය

  • ඉතුරු බත් කෝප්ප 1 1/2ක්
    පාන් පිටි මේස හැදි 4 ක්
    බිත්තරයක්
    අවශ්‍ය තරමට ලුණු සහ වතුර

බත් ටික බ්ලෙන්ඩ්ර් එකට දමා බත් ටික වැහෙන්න වතුර දාගන්න. ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කර එයටම පාන් පිටි හා බිත්තරයද එක් කර නැවත හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මිශ්‍රණය වෙනත් බඳුනකට දමා එයට ලුණු සහ තවත් වතුර ස්වල්පයක් එකතු කර දියාරු අඩු සහ ඝනකම්  මිශ්‍රණයක් හදා ගන්න.  විනාඩි  20 පමණ මිශ්‍රණය වසා තබන්න.
අවශ්‍ය නම්  මේ මිශ්‍රණය තෙම්පරාදු කර ගන්නත් පුළුවන්. ඒ සඳහා බඳුනකට තෙල් මේස හැන්ඳක් දමා හොඳින් රත් වන විට අබ, සුදුරු ටිකක් , කරපිංචා සහ ලූණු  එක් කර සියල්ල හොඳින් බැදුණු පසු තෝසේ මිශ්‍රණය එයටම වත් කර තෙම්පරාදු කර ගන්න. දැන් සාමාන්‍ය අයුරින් තෝසේ පිස ගන්න.

6. රයිස් පුඩින්අවශ්‍ය ද්‍රව්‍ය

  • බත් කෝප්ප 1 1/2ක්
    සීනි කෝප්ප 1/2ක්
    ලොකු බිත්තර 2ක්
    ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2ක්
    සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්
    වියලි මිදි කප් 1/4ක්

බඳුනකට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එක් කර හොඳින් ගසා ගන්න. තරමක් පොඩි කළ බත් සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න. මිශ්‍රණය බේක් කළ හැකි බටර් තවරාගත් බඳුනක දමා එම බඳුන සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක් කරගන්න.

7. රයිස් කීශ්අවශ්‍ය ද්‍රව්‍ය

  • බත් කෝප්ප 1 1/2ක්
    පිටි කෝප්ප 1/4ක්
    ලුණු තේ හැඳි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
    බිත්තර සුදු මදයක්

පිරවුමට

  • බිත්තර 3ක්
    ෆ්‍රෙෂ් මිල්ක් කප් 1/4ක්
    චොප් කරගත් ලූණු
    කුඩාවට කපාගත් තක්කාලි
    කොටු කපාගත් මොසරැල්ලා චීස්
    ලුණු සහ ගම්මිරිස් සුවල්පයක්
    කපාගත් ලූණු කොළ

බත් ටික බඳුනකට දමා තරමක් පොඩි කරගන්න. දැන් එයටම පිටි, බිත්තර සුදු මදය, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. බේක් කළ හැකි කුඩා කප් කීපයක් හෝ තනි ට්‍රේ එකක් ගෙන හොඳින් බටර් තවරා සාදාගත් මිශ්‍රණය දමා එහි අඩිය සහ වටේ ආවරණය වන පරිදි අතින් සකසාගන්න. පිරවුම සාදා ගැනීමට බිත්තර තුන තරමක් ගසාගෙන එයට අනෙක් සියල්ලම එක් කර හොඳින් කලවම් කරගන්න. සාදාගත් පිරවුම දමාගත් බත් කප් වලට පුරවා ගන්න. සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් පමණ බේක් කරගන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුදුපටුන්ගල  සොයාගත් බව කී ඇත්තන් රටට නොකී  කතාව

Next Post

භික්ෂු වේශ ධාරියා හෙරොයින් ග්‍රෑම් 9ක් සමග පොලිස් අත්අඩංගුවට

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.