බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

බුදුපටුන්ගල  සොයාගත් බව කී ඇත්තන් රටට නොකී  කතාව

by editor
සැප්තැම්බර් 11, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

බිනර පොහොය යෙදී තිබුණු මේ මස 01 දා අඟහරුවාදා ප්‍රධාන රූපවාහිනී මාධ්‍යය කීපයක් ස්වකීය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ කාලයෙන් සැලකිය යුතු ඉඩක් වෙන් කර අපූරු පුවතක් පළ කළේය. ඒ නැගෙනහිර පළාතේ කුඩුම්බිගල අභයභූමියේ උතුරු සීමාවට වන්නට ඇති දැවැන්ත වන පියස මධ්‍යයේ පිහිටි මරනම් ඓතිහාසික ප්‍රතිමා වහන්සේ තුන් නමක් සහිත පුරා විද්‍යා භූමියක් කැලණි විශ්විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  රාජ් සෝමදේව සහ කැලණිය පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යාර්ථයින් පිරිසක්  විසින් ගවේෂණයකින් අනතුරුව සොයා ගැනීමක් පිළිබඳවය.

එය උත්කර්ෂවත් රූප රාමු පෙළකින් යුක්ත දර්ශනයක් විය. මහාචාර්යවරයා ඇතුළු විද්‍යාර්ථයෝ කැලෑව මැදින් එති.  දුර්ග ගමන කෙළවර මේ විශිෂ්ට ප්‍රතිමා වහන්සේලා දකිති. දැක මවිත වෙති. මහා සංඝයා වහන්සේත් කණ්ඩායම සමග වැඩම කරනු පෙනේ. අනතුරුව ප්‍රතිමා වහන්සේලා අසල ආගමික පූජා පවත්වති. මහැදුරු සෝමදේවයෝ අනතුරුව ප්‍රතිමා වහන්සේලා පිළිබඳව අර්ථ පූර්ණ හැඳින්වීමක් කරති.

ප්‍රතිමා අභියස දේශනය පවත්වන මහචාර්ය රාජ් සෝමදේව

ප්‍රවෘත්තිය පෙළ ගැසෙන්නේ වන දහන මැද හුදකලාව අත්හැරී ලෝකයෙන් මග හැරුණු, විරල කලාකෘති බඳු ප්‍රතිමාවහන්සේලා තෙනමක් සහිත ඓතිහාසික  පුදබිමක්  අනාවරණය කරගැනීමේ උත්කර්ෂවත් අවස්ථාවක් රටට දක්වමිනි. දැන් අප ඉදිරියේ ඇත්තේ   හුදු මේ රට තුළ සිදුවන ගවේෂණයක්ම නොවේ. ලෝක අවධානයට යොමුවන අතිශය අපූර්ව ශාස්ත්‍රීය අනාවරණයකි.

පිපිරී යෑම

එහෙත් මේ ගවේෂණ කණ්ඩායම සොයා ගත්තේ බුදු පටුන්ගල නැමැති ඓතිහාසික ස්ථානය බව ඒ මාධ්‍යය තුළම වාර්තාවත්ම ශාස්ත්‍රීය ලෝකය මවිතයට පත් වුණේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුල්ම ප්‍රතිචාරය ලැබුණේ ජපානයේ හොසෙයි සරවියේ ටොකයි අධ්‍යාපන පර්යේෂණ ආතයනයේ ජ්‍යෙෂ්ඨ ගවේෂකයෙක් වූ තකාෂි ඔකමුරාගෙනි. ඔහු සමාජ මාධ්‍යය ඔස්සේ  මහාචාර්ය රාජ් සෝමදේව විමසා සිටියේය.

එහි මෙසේ සඳහන්ව තිබිණි.

“ශ්‍රී ලංකාවේ මිතුරන්ට…

වර්ෂ 1985 දී අපි විසින් සොයා ගන්නා ලද සහ වර්ෂ 1993 දී නැවත සොයාගත් නටබුන් පිළිබඳ ද දැන් ගැටලුවක් තිබේ ද?.  වර්ෂ 1993 දී ආචාර්ය සෙනරත දිසානායක මා සමග සිටියේය. මහාචාර්ය රාජ් සෝමදේව මෑතක දී මෙය සොයගත් බව ප්‍රකාශ කළා ද?. එසේ නම් එය වැරැද්දකි.  අපට දැනගැනීමට අවශ්‍යයි.“

ජපන් පර්යේක්ෂකයෝ ක්ෂේත්‍රයේ රාජකාරි කරමින්…

ඔහු මේ සටහන එවා තිබුණේ අලුතින් සොයා ගත් බව කී බුදු පටුන සම්බන්ධව වර්ෂ 1990, වර්ෂ 1999 හා වර්ෂ 2015 දී  පල කළ පර්යේෂණ පත්‍රකාවල උදෘත දක්වමිනි.

එතැන් සිට බුදුපටුන්ගල සම්බන්ධව තොරතුරු ගණනාවක් සංවාදයට පැමිණියේය. අයෙක් බුදුපටුන්ගල නටබුන් ඇසුරින් බෝධිසත්ව වන්දනාව ප්‍රකට කළ මහායාන සම්ප්‍රදාය පුරාණ රුහුණේ ප්‍රකටව පැවති   ආකාරය ගැන කීවේය. බදුල්ල දෝව විහාරයේ අඩක් නිමකළ ප්‍රතිමා සමුච්ඡයේ සිට බුදුරුවගල, යටාල වෙහෙර, වැලිගම කුෂ්ඨරාජගල වැනි ඓතිහාසික පුරාවිද්‍යා භූමින්හි හමුවන බෝධිසත්ව රූප මේ වන්දනා සම්ප්‍රදාය පැතිරී ගිය ආකාරය රූපණය කළ ආකාරය ගැන හෙළි කළේය. බුදුපටුන්ගල දී බුද්ධ ප්‍රතිමාව දෙපසින් පිහිටවා තිබුණු 6 හෝ 7 සියවස්වලට අයත් යැයි අනුමාන කළ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව හා අවලෝකිතේශ්වර ප්‍රතිමාවේ කලාත්මක රටාව ගැන යළි කථිකාවක් ඇති කළ යුතු බව ඇසුණේය. මෙවැනි පුදබිම් රක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය අයෙක් මතු කළේය.

මේ අතර  ජපන්  ගවේෂකයන් වසර තිස්පහකට පෙර කුඹුක්කන් ඔය නිම්නයේ කළ ගවේෂණයේ ශාස්ත්‍රීය විපුලත්වය සම්න්ධව ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ සංවාදයට එක් වූහ.  වර්ෂ 1985 ගවේෂණයේ දී එම ප්‍රතිමා සම්බන්ධ නිවැරදි මිනුම් සහිතව පිටු 200 අධික සංඛ්‍යාවකින් යුතුව වාර්තා කර තිබූ පූර්ණ ආකාරය,  පසුව සිදුවන ප්‍රතිමා විනාශයෙන් අනතුරුව ප්‍රතිමා සම්බන්ධ අදහසක් ලබා ගැනීමට එම වාර්තාකරණය ඉවහල් වූ ආකාරය ඉන් කියැවිනි.

අයෙක් ඒ දුෂ්කර ගමනේ මතකයන් ලීවේය.  මීට වසර තිස් පහකට  පෙර මේ ගවේෂණයට එක් වූ,  බුදුපටුන්ගලට කිලෝමීටර 15ක් එපිටින් පැවති ආසන්නම ගම වන කොටියාගල  වැසියන්ගේ   කෘතවේදී මතක ගැන අයෙක් සිහි කළේය.

මේ අතර අතීතය සිහිකරමින්    ජපන් ගවේෂක තකාෂි ඔකමුරා තැබූ සටහන සංවේදි එකක් විය.

“ වර්ෂ 1985 දි අපි මේ පුරාවිද්‍යා භූමිය සොයාගෙන ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා කර නැවත ජපානයට ආවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපගේ සොයාගැනීම් නිවේදනය කළා. පසුව ඒ ගවේෂණ දත්ත සනාථ කරගැනීම සඳහා පර්යේෂණ කරගෙන ගියා. කෙසේ වෙතත් අවස්ථා ගණනාවක දී ගවේෂණ කණ්ඩායම් යළි යොමු කළ නමුත් ඔවුන්ට නටබුන් සොයාගත නොහැකි වුණා.

ඒ නිසා අවුරුදු අටකට පසු නටබුන් යළි සොයා ගැනීම සඳහා එකාබද්ධ පරීක්ෂණයක් යෝජනා කළා. ඒ අනුව අප එකට ගොස් නැවත නටබුන් සහිත භූමිය සොයා ගත්තා. ඒ වනවිට නටබුන් විනාශ වී  ගොස් තිබුණා. ඒ වසර අට තුළ සිවිල් යුද්ධය පැතිරී ගිහින්. කොටියාගල ගම එල්.ටී.ටී.ඊ ඉලක්කයක් වෙලා…පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට පර්යේෂණ කටයුතු සඳහා මුදලක් වෙන් වෙලා නැහැ.

ජපන් ගවේෂකයෝ උක්ත ගවේෂණ කාර්යයේ යෙදී තිබුණු    ගර්හිත වටපිටාව අපට සිහි කැඳවූහ.

අකටයුත්ත

බැලූ බැල්මටම පෙළ ගැසෙමින්  තිබුණේ ශාස්ත්‍රීය ලෝකය තුළ පූර්ණ ගර්හාවට ලක්වන අකටයුත්තකි. ගැටලුව තිබුණේ එය මාධ්‍යය විසින් වාර්තා කළ ආකරයේය. මාධ්‍ය අනුව බුදු පටුන්ගල පසුගිය දා සොයා ගන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ කැලණි සරසවියේ පශ්චාත් උපාධි අපේක්ෂක විද්‍යාර්ථයින්ය.

එහෙත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් ප්‍රමුඛ විද්‍යාර්ථයින් කණ්ඩායම සොයා ගත් බවට මාධ්‍ය වාර්තා කළ බුදු පටුන්ගල පුද බිම වර්ෂ 1985 දී හොසෙයි සරසවියේ ගවේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන,   වර්ෂ 1993 දී නැවත ස්ථානීය ගවේෂණයකට පූර්ණ ගවේෂණ වාර්තාවක් සකස් කර පර්යේෂණ පත්‍රිකා තුනක් ප්‍රකාශයට පත් කළ පුරාවිද්‍යා ස්ථානයක් විය.

(වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ පනරාල් සෙනරත් දිසානායක ඉඳගෙන වමේ සිට දෙවැන්නා) ජපන් ගවේෂණ කණ්ඩායම සමග – වර්ෂ1993

මෙම ප්‍රතිමා 1985 දී මුලින්ම සොයාගෙන වාර්තා කරන්නේත්,   එම ප්‍රතිමා පුරාවස්තු සංහාරකයන් විසින් ව්‍යසනයට ලක් කර ඇති ආකාරය 1993 දී යළි වාර්තා කරන්නේත්  මෙම ජපන් ගවේෂකයන් ප්‍රමුඛ පුරාවිද්‍යා නිලධාරීන් විසිනි.   වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකත් 1993 දී ඒ ගවේෂණ කණ්ඩයමට ඇතුළත් වී සිටීම දෛවෝපගත සිදුවීමක් විනි.

මුල් මාධ්‍ය වාර්තා

දශක දෙකකට පෙර පුවත්පත්වල පල වූ මාධ්‍යය වාර්තා

අවස්ථා ගණනාවක දී මේ ස්ථානය සම්බන්ධ මාධ්‍ය වාර්තා කර තිබිණි. කොටියාගල ගම්මානය පිහිටන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ආසන්නයේ ඇති වට්ටාරම විහාරස්ථානයට නුදුරිනි.    ගම්මානයට යාබදව   ලාහුගල  හා යාල වනභූමි සීමා ඇත.   ගම පෝෂණය වන්නේ විලඔය නැමැති ජලධාරාවෙනි. විලඔය ඝන කැලෑවක් මැදින් ගලාවිත් පානමින් මුහුදට වැටේ.  කොටියාගලට පැමිණ ගංගාවේ වතුර අඩු කාලයේ දී  වනසතුන් මෙන්ම රුදුරු කිඹුලන්ගෙන් සැදුණු ගං ඉවුර ඔස්සේ කිලෝමීටර 15කට නොඅඩු දුරක් ගොස් කොකුන් ආර පසුකර    ගොයම්කොලේ ගල අසලින් කැලයට පිවිස මේ ප්‍රතිමාවහන්සේලා දැක උත්කර්ෂයට පත් ගවේෂණශීලී මාධ්‍යකරුවෝ සිය ලේඛණ අවස්ථා ගණනක දී හෙළි දැක්වූහ.

මුලින්ම මේ පුරාවස්තු සංහාරය පිළිබඳ ප්‍රවෘත්තිය සිංහල පුවත් පතක පලවන්නේ 1993 අගෝස්තු මස 23 දිනය. ඒ ලංකාදීප පුවත්පතේය. ජපන් පුරාවිද්‍යාඥයන් සොයාගත් ඉපැරණි බුදු පිළිම නිදන් හොරු වනසා දමලා“ ලෙස එම වාර්තාව සකසා තිබුණේ රත්නපුරේ ජයන්ත විජේරත්න බණ්ඩාරය. අනතුරුව ඔහු මේ සම්බන්ධව විස්තරතාමක පුවත්පත් වාර්තාවක්    පුරාවස්තු සංහාරකයන් විසින් ව්‍යසනයට ලක් කරන ලද ප්‍රතිමාවන්හි  ඡායා  රූප ද සහිතව “ හඬා වැටෙති කඳුළු සලා බුදු රූ වන අරණේ“ නමින් වර්ෂ 1993 සැප්තැම්බර් 23 වැනිදා එම පුවත්පතටම සකස් කරන්නේය.

පසුවත් අවස්ථා ගණනක  දී මෙම ස්ථානය සම්බන්ධව අවධානය යොමුවන වාර්තාකරණයන් සිදු වන්නේය.‍

සෝමදේව මාධ්‍යයට කී කතාව

රාජ් සෝමදේව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මේ ඉතිහාසය මැනවින් දන්නේය. ඔහු මේ ගමන සංවිධානය කරන්නේ ඒ පූර්ව දැනුවත් බවිනි.  තමන් මේ භූමිය   සොයාගත් බව ඔහු කිසිවිටෙකත් කියන්නේ නැත.    ඔහු කියන්නේ    මීට පෙර අවස්ථා කීපයක දී උනන්දු සහගත ගවේෂකයන් විසින් මේ ස්ථානය   ඉතා කෙටියෙන් වාර්තා කර තිබුණු බවය. ඌව වෙල්ලස්ස සංසදය මගින් සංවිධානය කළ ගවේෂණ මාලාවේ ප්‍රතිඵලයක් ලෙස  මේ ස්ථානය නරඹන්න පැමිණි බවය.

එහෙත් මහාචාර්ය සෝමදේව හැරුණු විට ක්ෂේත්‍ර පුරාවිද්‍යාවේ ප්‍රාමාණිකයෝ තවත් වෙති. ඔවුහු සෝමදේවයන් හා එකඟ නොවෙති. ඔවුන්ට අනුව ජපන් පර්යේක්ෂකයන්ගේ වාර්තාකරණය ශාස්ත්‍රීයව  ගුණාත්මක එකකි.

වසර තිස් පහකට පෙර ජපන් පුරාවිද්‍යා ගවේෂකයන් මිනුම් කටයුුතු කළ ආකාරය

මෙවැනි තත්වයන් තුළ මහැදුරු සෝමදේවයන්ගෙන් විධග්ධ ශාස්ත්‍රීය හැසිරීමක් සමාජය ලෝකය අපේක්ෂා කරයි.  අනුන්ගේ පර්යේෂණ දත්ත ඔවුන්ට ලැබිය යුතු ගෞරවනීය අයිතිය නොදී උදුරා ගැනීම ශාස්ත්‍රීය සම්ප්‍රදාය නොවේ.    ජපන් ගවේෂණ කණ්ඩායම ඔහු කරන ප්‍රකාශ  සම්බන්ධව යළි යළිත් විමසමින් ඉතා උනන්දු සහගත වන්නේ එබැවිනි.

ගැටලුව වන්නේ ඒ සම්බන්ධව සෑහීමකටක පත්විය හැකි ප්‍රතිචාරයක් තවමත් ඔහුගෙන් නොලැබීමය.

( සිළුමිණ – 2020.09.06 ඇසුරෙනි)

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

20 වැනි සංශෝධනය විගණකාධිපති පඹයෙක් කරයි…

Next Post

ඉතිරිවෙන බත් ටිකෙන් රස ඉතිරෙන කෑම හදමු

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.