වාරියපොල හලාවත පාර නාවින්න මාර්ගයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්රෑම් 09ක් සමග චීවර ධාරියෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ඔහු කටුපොත, දමණුව අලංකාර සුමනසාර විහාරයේ භික්ෂුවක් ලෙස ජිවත්වෙමින් සිට ඇත.
මෙම චීවරධාරියා සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙම භික්ෂු වේශ ධාරියාගේ හැසිරිම සම්බන්ධව ගම්වැසියන් විටින් විට පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඒ ඔස්සේ පරීක්ෂණ මෙහයවූ පොලිසිය මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් කරද්දී ඔහු විටෙක ගිහියෙක් ලෙසත්, විටෙක භික්ෂුවක් ලෙසත් ද්විත්ව රංගනයක යෙදී සිටි ආකාරය හෙළිදරව් වී ඇත.
අත්අඩංගුවට ගත් භික්ෂුව