බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

සම්පත් තෙන්නකෝන් ආදරණීය සැමියා ගැන රත්නා ලාලනී අවදිකළ මතකය…

by editor
දෙසැම්බර් 4, 2021
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ප්‍රවීණ වේදිකා රංග ශිල්පයෙක් මෙන් ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගවේදියෙක් ද වූ සම්පත් තෙන්නකෝන්   සිය ජීවන රඟමඩලින් සදහට ම බැස ගියේ ය.

කලක් තිස්සේ අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙලුණු ඔහු අක්මා බද්ධ සැත්කමට ද සූදානමින් සිටියේ ය. මීට මාසයකට පමණ පෙර හදිසියේ රෝගී තත්ත්වය උත්සන්න වූයෙන් නොවැම්බර් 05 වැනිදා කොළඹ ජාතික රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ නතර වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියේය.

ඔහුගේ ආදරණීය බිරිඳ වන ජනප්‍රිය රංගන ශිල්පී ගීතා කාන්ති ජයකොඩි තම ආදරණීය සැමියා පිළිබඳ කීවේ මෙසේ ය.

“සම්පත්ට අක්මා බද්ධයක් කළයුතු බවට වෛද්‍ය නිර්දේශය ලැබුණ දවසේ ඉඳලා ඒ සැත්කමට අපි සූදානම් වුණා. බී පොසිටිව් වර්ගයේ අක්මාවක් ලැබෙන තුරු අපි බලාගෙන හිටියා. අවශ්‍ය කාලෙදි එය ලැබුණා නම් තව කාලයක් ඔහුට අපිත් එක්ක ඉන්න තිබුණා. ඒත් ඔහු රැගෙන ආ කාලය නිම වෙන්න ඇති.” ඇය කීවා ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

1956 ජුනි 20 වැනිදා උපත ලද සම්පත් තෙන්නකෝන් මියයන විට 62 වැනි වියේ පසුවිය. කොළඹ ඉසිපතන විද්‍යාලයයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු දයාරත්න රටගෙදරගේ “ගුරු ලිපි” වේදිකා නාට්‍යයෙන් පසුව ඩග්ලස් සිරිවර්ධනගේ “අඹුසැමියෝ” ද පසුව ඒකා-අධිපති, ජගන්මා, මාල වළලු, මායාදේවි, රෝමය ගිනිගනී, සුබ සන්ධ්‍යාවක්, සුදු රෙදි හොරු මෙන් ම ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව, පුත්‍ර සමාගම, තල මල පිපිලා ආදී වශයෙන් වේදිකා නාට්‍ය 50කට වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇත.

රත්නා ලාලනී ජයකොඩි ඔහුට හමුවන්නේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයේ දී ය.

සම්පත් පුරුද්දක් ලෙස ලුම්බිණි රඟහලේ වේදිකාගත වන නාට්‍ය නැරඹීමට යොමු වූ අයෙකි. 1990 දී විජය ධර්ම ශ්‍රී ගේ හිමගිර චිත්‍රපටයට සම්බන්ධ වූ පසු ගිනි අවි සහ ගිනි කෙළි, සරෝජා, සිරි රජ සිරි, සිරි පැරකුම්, පත්තිනි, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, එක ගෙයි සොකරි, නිම්හිම්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කදිර දිව්‍ය රාජ නම් නවත ම චිත්‍රපටය ද ඇතුළු ව චිත්‍රපට 12කට පමණ රංගනයෙන් දායක විය.

“2013 දී සම්පත් සහ මම එකතුවෙලා දින හතක් පුරා නව නගර ශාලාවේ දී අපි දෙන්නා රඟපෑ නාට්‍ය හතක් ප්‍රදර්ශනය කළා. අපි එය “අභිනයන සම්පත් – රත්නා රංග භූමිකා” ලෙස නම් කළා. අපි දෙන්නාගේ තිස් වසරක නාට්‍ය රංග ජීවිතය එයින් සැමරුවා.” යැයි රත්නා ලාලනී සිහිපත් කළා ය.

ජනප්‍රිය රංග ශිල්පීන් වන ගීතා කාන්ති ජයකොඩි, පබෝධා සන්දීපනී, බිමල් ජයකොඩි, සුජානි මේනකා සම්පත්ගේ සමීපතම ඥාතීන් වන අතර සම්පත් කලාකරුවන් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් නිහතමානි, සැබෑ මිත්‍රශීලී, ලෙන්ගතු, මිතුරෙකි.

නිතර ම විනෝදෙන්, සැහැල්ලුවෙන් ජීවත් වීමට ප්‍රිය කළ අයෙකි. මේ සුහදශීලී කලාකරුවාට නිවන් සුව පතමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සුළි කුණාටු අවදානමක…

Next Post

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් දෙකම ලබා නොගෙන විදේශ සමුළුවලට ගියේ කොහොම ද?

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.