තුෂාරී කළුබෝවිල –
පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් “ජවාඩ්” (JAWAD) සුළි කුණාටුව බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයේ සුළඟ සමඟ අද 4 වන දින උදේ වරුවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ඔඩිසා වෙරළට කඩා වැදෙනු ඇතැයි ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බෙංගාල බොක්ක කලාපයේ පවතින ‘ජාවාඩ්’ සුළි කුණාටුව සම්බන්ධයෙන් සමාලොචනයක් සිදු කරමින්
කැබිනට් ලේකම් රජිව් ගෞබා ප්‍රකාශ කර තිබුණේ මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අව ම කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගතයුතු බවය. ඒ සඳහා ක්‍රියාත්මක වීමට ඒ හා සම්බන්ධ සියලුම ආයතනවලට උපදෙස් ලබා දී තිබේ.
මෙම ‘ජාවාඩ්’ සුළි කුණාටුවෙන් මතුවන තත්ත්වයට මුහුණ දීම සඳහා ඉන්දියානු ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සිය ආපදා ආරක්ෂණ කණ්ඩායම් 64ක් සීරුවෙන් තබා ඇත.
මෙයින් ශ්‍රී ලංකාවට බරපතළ තර්ජනයක් නොවන නමුත් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු වන අතර සවස හා රාත්‍රී කාලයේ දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, දකුණ පළාත්වල තද වැසි ඇති වන බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.