කීර්ති ප්‍රනාන්දු –
කටුනායක ගුවන්තොටුපළට පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන ඇතුළුවීමට ගිය ගුවන්තොටුපල කුලී වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල පොලිසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 7ට පමණය.
පොටෑසියම් පර්ක්ලෝයිඩ් නමැති මෙම පුපුරණ දව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු උතුරු කදිරාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
පොලිසිය රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී රියදුරා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම වෑන් රථය කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදකයකු ගේ බවයි. මෙම වෑන් රථයේ රියදුරා තමන් බවත් තමන්ට නියමිත ගමන් වාරය ආසන්න වීම හේතුවෙන් ඉක්මනින් ගුවන් තොටුපලට පැමිණි යුතු නිසා වෑන් රථය රැගෙන ගුවන්තොටුපළට පැමිණි බවත් ඒ තුළ තිබූ පුපුරණ දව්‍ය තොගය වෑන් රථය තුළ තිබෙන බවට තමන් නුදුටු බවත් එය අත්වැරදීමකින් සිදු වී ඇති දෙයක් බවත් සැකකාර රියදුරා විසින් පොලීසියට පවසා ඇත.
මේ වන විට ගුවන්තොටුපල පොලිසිය මගින් සැකකාර වෑන් රථ රියදුරා, පුපුරන ද්‍රව්‍ය තොග සහ වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපල පොලීසිය පවසයි.