ශ්‍රීමතී විජේරත්න –
වන අලින් ඇතුළු වන සතුන්ට අතිශය අමානුෂික සහ වේදනාකාරී මරණයක් උරුම කර දෙන මාරක උගුලක් වු හක්ක පටස් නැමති පුපුරන් ද්‍රව්‍ය භාවිතා කිරීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සඳහා ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක (150000.00)දඩ මුදලක් නියම කර තිබේ.
වනජීවී නිලධාරීන්ට අනුව එසේ දඩ නියම කර ඇත්තේ නාහෙට්ටිකුලම පදිංචි පුද්ගලයෙකුටය.
ගල්ගමුව වනජීවී නිලධාරින් විසින් පසුගිය දිනක සිදු කරන ලද මුර සංචාරයකදී හක්කපටස් නැමැති කුඩා බෝම්බ සහතිව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
හක්කපටස් සතුන් ඝාතනය සඳහා යොදා ගන්නන් වන අලින් ආකර්ෂණය කරගන්නා ආහාර මෙම කුඩා බෝම්බ තැන්පත් කරනු ලැබේ. එම ආහාර ගැනීමේ දී මුඛය තුළ පුපුරා යෑමෙන් පසු එක් වර මියයන්නේ නැති වන අලියා හනු කුඩු වී තුවාල කුණු වී අහාර ලබා ගැනීමට නොහැකිව අන්ත දුක් විඳ මරණයට පත් වේ. හැගීම් සහිත කිසිම මනුෂ්‍යයෙක් මෙවැනි සාහසික උපක්‍රමයක් වන සතෙක් විනාශ කිරීම සඳහා යොදා ගන්නේ නැත.
එම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත පසුගිය අගෝස්තු 02 දින ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ මෙම පුද්ගලයාට එරෙහි නඩුවේ තීනදුව ප්‍රකාශ වන්නේ 2025 නොවැම්බර් මස 12 දිනය.
එදින ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී එම්. රවීන්ද්‍ර රංජන් බණ්ඩාර විසින් චූදිතයාට රුපියල් ලක්ෂ එක හමාරක (150000.00)දඩ මුදලක් නියම කළේය.







