ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ට තහනම් කර ඇති අබුඩාබි ටී 10 ක්‍රිකට් ලීගයට ක්‍රීඩා ඇමතිවරයා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර සිය කුප්‍රකට ක්‍රිකට් කළමණාකරු වූ චාලි ඔස්ටින් සමග එක් වී ඇතැයි අබුඩාබියෙන් එන ආරංචි මාර්ග තහවුරු කරයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරන ලද මෙම ක්‍රිකට් තරගාවලියේ අධ්යක්ෂවරයෙක් ලෙසත් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර කටයුතු කරමින් හිඳී.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක් වීමට ඉල්ලුම් කළත් විරෝධතා නොදැක්වීමේ ලේඛණ ක්‍රීඩකයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන්නේ නැත.
කෙසේ වෙතත් මෙරට ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ හෝ කැපී පෙනෙන දක්ෂතා දක්වා නැති වයස අවුරුදු 19 ක් වන ක්‍රීඩකයින් සිවු දෙනෙක් අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිති. ඔවුන්ව මෙම ආන්දෝලනාත්මක ක්‍රිකට් තරගාවලියට චාලි ඔස්ටින් හරහා සම්බන්ධ කර ඇත්තේ මෙරට ක්‍රීඩක කළමණාකරුවෙක් බව වාර්තා වේ.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අනුමත නොකළ මුරුෂියස් ක්‍රිකට් තරගාවලියකට එක්වීම හේතුවෙන් අජන්ත මෙන්ඩිස්ට හා චාමර කපුගෙදරට මෙම අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියට එක්වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තහනම් කර ඇත.
පසුගිය අබුඩාබි ටී 10 ක්‍රිකට් ලීගයට එක්වූ දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධනට මුදලට තරග පාවාදීමේ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විටත් ක්‍රිකට් තහනමකට ලක් කර තිබේ.







