මෙරට තුළ ක්‍රෙඩිට් කාඩ්පත් වියදම් සහ ක්‍රෙඩිට් කාඩ් ශේෂය කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ලබා දී ඇති දත්තවලට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයේ ඉතිරිව ඇති ක්‍රෙඩිට් කාඩ් ශේෂය රුපියල් බිලියන 114.13 ක් දක්වා අඩුවී ඇත.
2020 දී එලෙස ශේෂය පහත වැටුණු සිව්වන මාසය මෙයයි. ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය 2020 ආරම්භයේදී රුපියල් බිලියන 121.49 ක්ව තිබුණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව නොවැම්බර් මස අවසන් වන විට 1,887,474 දක්වා පහත වැටී ඇති අතර එය ඔක්තෝබර් මාසයේ 1,888,605ක් විය.
හුදකලා කිරීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඑලයක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමට ඇති සීමිත අවස්ථා හේතුවෙන් කොරෝනා වසංගතය පෙර නොවූ විරූ ආකාරයේ පෞද්ගලික ඉතිරියක් ඇති කර ඇති බව පෙනී යයි.
වසර අවසානයේ උත්සව සමයේදී සාප්පු සවාරි යාම ඉතා අඩුවූ අතර, මිනිසුන්ට පිටතට යාම ගැන සැලකිලිමත් වීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් වියදම් පාරිභෝගික භාණ්ඩ, රෙදිපිළි, විවේක, භෝජන ආදි ප්‍රධාන කාණ්ඩ අතරට ඇතුළත් නමුත් සැප්තැම්බර් මාසයේ සිට විවේකය සඳහා පිටතට යාමට ඉඩනොලැබීම මෙම තත්වයට බලපා ඇත.
කෙසේවෙතත්, අවම වශයෙන් 2021 ජනවාරියේ සිට ක්‍රෙඩිට් කාඩ් වියදම් සඳහා යම් ප්‍රගතියක් ලැබිය හැකි බවට අනුමාන කෙරේ. මන්දයත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට කාඩ්පත් සඳහා පොලී අනුපාත අඩු වීම නිසා කාඩ්පත් හිමියන්ට එය වාසි සහගත වීමය.
කෙසේ වෙතත්, ක්‍රෙඩිට් කාඩ් වියදම් ශ්‍රී ලංකාවේ පාරිභෝගික වියදම් මැනීම සඳහා එතරම් හොඳ පියවරක් නොවේ. මන්ද, මිලියන 22 ක ජනගහනයක් සඳහා සක්‍රීයව ඇත්තේ කාඩ්පත් මිලියන දෙකකට වඩා අඩු සංඛ්‍යාවක් පමණි.