සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විසාල ජයග්‍රහණයක්… තරගාවලිය දිනුම්!

by editor
ජනවාරි 18, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගාවලිය නිමා වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම  සිම්බාබ්වේ පරදවා 2-1 ක තරගාවලි ජයක් අත් කරගෙන තිබේ.

තුන්වන විස්සයි 20 තරගය ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වුනේය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරූහ. තරගයක් තිබුණේම නැත. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09ක විසාල ජයග්‍රහණයක් අත් කරගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සියල්ලෝම ලකුණු 82කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර14.1 තුළය.  නායක වනිඳු හසරංග පන්දු ඕවර 04 තුල ලකුණු 15කට කඩුළු 04ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 3.1කට කඩුළු 2කි. ඈන්ජලෝ මැතිව්ස් පන්දු ඕවර 2ක් යවා ලකුණු 15කට කඩුළු 02කි. ඩිල්ෂාන් මධුශංක පන්දු ඕවර 2ක් යවා ලකුණු 22කට කඩුල්ලකි.

සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බෙනට් ලකුණු 29ක් ලැබුවේය. ඒ පන්දු 12ක් තුළය. ඊට හතරේ පහර 7ක් ඇතුළත් විය. ඔහු කඩුළු අතර දුවමින් ලබා ගත්තේ එක් ලකුණක් පමණි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ඔහුය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේය. ජයග්‍රහණය සනිටුහන් කරන්නේ හයේ පහරකිනි. ඒ පැතුම් නිශ්ශංක ගේ පිත්තෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුසල් මෙන්ඩිස් ශේන් විලියම්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී ලකුණු 33කට දැවී ගියේය. ඔහු හතරේ  පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළේය. පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 39ක් ද ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 15ක් සහිතව තරගය නිමා කළේය.  ඒ පන්දු ඕවර 10.5කිනි. තරගයේ වීරයා වනිදු හසරංග ය. තරගාවලියේ විරයා ඈන්ජලෝ මැතිව්ස්ය.

මුළු තරගයම පන්දු ඕවර 25කි. දෙපිලම ලබා ගත්තේ ලකුණු 170කි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස ඉතිහාසය තුළ වාර්තාගත වූ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයය.

අද ජයග්‍රහණය ලැබූ කණ්ඩායම පිළිබඳ පුදුම හිතෙන්නේ පෙරේදා තරගය පරාජය වූ ආකාරය දකින විටය. පෙරේදා ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම අද කොහේදැයි සිතුනේය.

ඇත්ත වශයෙන්ම අවුල මෙයය. මේ කණ්ඩායම් දෙකම සිටින්නේ එකම අවුලකය. ඒ ස්වකීය දක්ෂතා සන්තතියක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකී විමය. සුලු සුලු උච්ඡාවචන පිළිගත හැකිය. එහෙත් අපාගත වූවාක් බඳු ඇදවැටීම් මෙන්ම අභ්‍යාවකාශය තෙක් ඉහළට එසවී යෑම්  කියන්නේ ඉතාම සරල කතාවකි. එනම් මේ මොහොතේ පවතින අන්තර් ජාතික තලයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩවට මේ කණ්ඩායම් දෙකම  නොගැලපෙන බවය. ඔවුන්ගේ ක්‍රිකට් පුනරුත්ථාපනය විය යුතු බවය.

අස්වයන් දුවවනාවක් බඳු දිනන්නේ මොකා ද පරදින්නේ මොකාද, අද මොකා මොනවා කරයි ද යන විචිකිච්ඡාවක් සමග ක්‍රිකට් ගැහිල්ලත් වාසනාවට දිනන සූදුවක් වැනි හැඟීමක්  ක්‍රීඩා ලෝලීන්ට ලබා දිමම පවකි.  ආවේ ලක්ෂ 200ක් වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට නම්  අපහසුතා සහ අඳෝනා කියා පළක් නැත.

පිළිගත හැකි ක්‍රිකට් ක්‍රීඩාවක් කළ යුතුය. පරදිනවා නම් පිළිගත හැකි ලෙස පැරදිය යුතුය. එක් දවසක කුජීත ලෙස පරදින්නත් අනෙක් දවසේ හිතා ගත නොහැකි සේ ජය ගන්නත්  හේතුව විමසිය යුත්තේ මේ අන්ත දෙක අතර පරතය වැඩි වන තරමට බොහෝ  විනාශයන් වන්නට හැකි බැවිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජන කවියෙන් ආභාසය ලත්  මහ කවියා….   සේකර!

Next Post

සරුංගල් මගින් ගුවන්ගත වීම යාපනයේ තරුණයින්ට තහනම් කරයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.