දිනසේන රතුගමගේ –
යාපනයේ තරුණයින් විසින් සරුංගල්වල ආධාරයෙන් අහසේ පියාසර කිරීමට යාම 18 දා සිට පොලීසිය විසින් තහනම් කොට තිබේ.
සෙල්ෆි ඡායාරූප ගැනීමට හා තමන්ගේ වීරත්වය පෙන්වීමට යාපනයේ තරුණයින් මේ දිනවල සරුංගල්වල කඹවල එල්ලි ඉහළ අහසට යාමට පටන් ගෙන ඇති අතර මෙවැනි සිද්ධීන් නිසා වියහැකි අනතුරුදායක තත්ත්වයන් අවම කර ගැනීම පිණිස පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.
යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක කඹයේ එල්ලී අඩි 80 ක් පමණ ඉහළ අහසට ගොස් සිය දස්කම් පෙන්වීමෙන් පසුව පොලීසිය මෙම තීරණය ගෙන ඇති අතර යාපනයේ සියලුම ප්‍රදේශවල සරුංගල් යවන තරුණයින්ට මෙම තීරණය පොලිසිය විසින් දැණුම් දී තිබේ.
පොලීසියේ මෙම තීරණය නොසලකා හැර සරුංගල් කඹවල එල්ලි අහසට යාමට උත්සහ කරණ තරුණයින්ව අනතුරු වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගන්නා බවද පොලිසිය විසින් යාපනයේ තරුණයින්ට දැනුම් දී තිබේ.