ඉකුත් 8 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී වනිඳු මෙම පාදයේ මාංශ පේශි ආබාධයට (Hamstring Injury) ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියේ ඉදිරි තරග බොහොමයක් අහිමි වීමේ අවදානමක් පවතී. අයර්ලන්තයට එරෙහි එම තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුවද, ප්රධානතම තුරුම්පුවක් වූ වනිඳුගේ ආබාධය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැඩි හිසරදයක් වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, වනිඳු හසරංග වෙනුවට දක්ෂ දඟපන්දු යවන තුන් ඉරියව් ක්රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ පවතී. වනිඳුගේ අඩුව පිරවීම සඳහා දුෂාන් හේමන්ත සතු දඟපන්දු මෙන්ම පිතිකරණ හැකියාවද කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත.
තරගාවලිය ආරම්භයේදීම සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම ශ්රී ලංකා සංචිතයේ ඉදිරි සැලසුම් වෙනස් කිරීමට හේතු වනු ඇතැයි ක්රීඩා විචාරකයෝ මත පළ කරති.







