බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනිඳු හසරංග 20-20 ලෝක කුසලානයෙන් ඉවතට!

by editor
පෙබරවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් ඉරිදා කොළඹදී අයර්ලන්තයට එරෙහිව පැවැති සමාරම්භක තරගයේදී ඇති වූ පාදයේ මස්පිඬු ආබාධයක් (Hamstring injury) හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත.

අයර්ලන්තය හඹා ගිය ලකුණු 164 ක ඉලක්කය අඩාල කරමින්, ලකුණු 25කට කඩුලු 3ක් දවාගෙන සිය පන්දු වාර 4 අවසන් කිරීමට වනිඳු සමත් වුවද, සඳුදා දින සිදු කරන ලද MRI පරීක්ෂණයකින් ඔහුගේ වම් පාදයේ මස්පිඬුවක දරුණු පැලීමක් සිදුව ඇති බව තහවුරු විය. එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් එම වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අඟහරුවාදා දිනයේදී ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කෙරිණි.

මෙම ආබාධය මීට පෙර පැවති මස්පිඬු ආබාධයකට සම්බන්ධ වුවත්, එය හරියටම එම ආබාධයම නැවත මතු වීමක් නොවන බව තේරුම් ගෙන ඇත. වනිඳු හසරංග වසර කිහිපයක සිට පාදයේ ආබාධ ඇතුළු විවිධ කායික අපහසුතාවලින් පීඩා විඳිමින් සිටියි.

ආදේශක ක්‍රීඩකයා සහ ඉදිරි සැලසුම්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙතෙක් ආදේශක ක්‍රීඩකයෙකු සඳහා නිල අනුමැතිය ලබා දී නොමැති වුවද, හසරංග වෙනුවට ඔහුට සමාන දක්ෂතා සහිත පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයට එක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

31 හැවිරිදි දුෂාන් හේමන්තට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා ලැබී ඇත්තේ අඩුවෙනි. ඔහු ක්‍රීඩා කර ඇති විස්සයි20 ජාත්‍යන්තර තරග 3කදී කඩුලු 4ක් දවාගෙන ඇති අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය (Economy rate) 7.85කි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

දුෂාන් හේමන්ත මලල ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පදක්කම් ලාභී ජාතික තලයේ මළල ක්‍රීඩකයෙකි.  2010 වසරේදී ඔහුව ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත්ව සිටියේය.  ඔහු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී (South Asian Junior Athletics Championships) පිරිමි මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ. විශිෂ්ඨ ශාරිරික යෝග්‍යතාවයත් සමගම  දුෂාන් හේමන්තගේ පන්දු රැකීමේ විශේෂ හැකියාව  අවස්ථා ගණනාවක දී ඇගයීමට ලක් වී තිබේ.

ඉරිදා තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නන්ට අමතරව සංචිතයේ වෙනත් දඟ පන්දු යවන්නන් නොමැති බැවින්, හේමන්තව සෘජුවම මීළඟ තරගයේ එකොළොස් දෙනාගේ කණ්ඩායමට ඇතුළත් කිරීමට ද ඉඩ ඇත.

හසරංග අහිමි වීම ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමනට එල්ල වූ ප්‍රබල බලපෑමක් බව කිව යුතුය. මේ සම්බන්ධව ක්‍රික් ඉන්ෆෝ වැනි අන්තර්ජාතික වෙබ් අඩවි තුළ පවා සංවාදයට ලක් වී ඇත. විස්සයි20 පිටියේ ශ්‍රී ලංකාව සතු දක්ෂතම පන්දු යවන්නා  වනිඳුය.

විශේෂයෙන් සලකුණු කළ යුත්තේ  ලෝක කුසලාන ඉතිහාසයේ ඔහු විශිෂ්ට දක්ෂතා දක්වා තිබීමය.  ඔහු ලෝක කුසලාන ඉනිම 20කදී ලකුණු 6.01ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 40ක් ලබාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනිදුට ලෝක කුසලාන තරග අහිමිවන ලකුණු !

Next Post

ගැඹුරැ මුහුදේ දී ධීවරයින්ට පහර දීම – පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ඇරඹෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.