ශ්‍රී ලංකා මළල ක්‍රිඩා ඉතිහාසයේ අතිශය උත්කර්ෂවත් අවස්ථාවක් සනිටුහන් කරමින් 25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගත්හ. මෙම තරගාවලි 25 දිම ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙස වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයය.
මීටර 800 කාන්තා
මීටර් 800 කාන්තා ඉසව්වේ වත්මන් ආසියානු කනිෂ්ඨ ශූරිය වන 18 හැවිරිදි තරුෂි කරුණාරත්න මීටර් 800 කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකෙන්ම ආසියානු ශූරිය වූවාය. ඇය තත්පර 2:00.67කින් රන් පදක්කම දිනා ගනිමින් ආසියානු වාර්තාවක් තැබුවාය.

ඇය මෙතෙක්කල් ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටම දක්ෂතාවය ප්‍රකට කළ කනිෂ්ඨ ක්‍රීඩිකාවය. ඇය නව ආසියානු වාර්තාවක් පිහිටවූවාය. ආසියාවේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල හොඳම කාලය වාර්තා කළ ශූරිය ඇයය. දකුණු ආසියානු කණිෂ්ට වාර්තාව ඇයගේය. ශ්‍රි ලංකා වාර්තාව මෙන්ම ශ්‍රී ලංකා කණිෂ්ට වාර්තාව ඇයගේය.
මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නය. ඇය මින් පෙර ආසියානු මළල ක්‍රීඩා උළෙල තුනක දි රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගෙන තිබේ.
ගයන්තිකා දැන් 36 හැවිරිදිය. ශ්‍රී ලංකාවේ ආසියානු මට්ටමින් ඉහළ අන්තර්ජාතික පදක්කමක් දිනාගත් වයස්ගතම ක්‍රීඩිකාව ඇයය. ගයන්තිකා පළමු දිනයේදීම තවත් ලෝකඩ පදක්කමක් දිනුවාය. ඇය දිනූ පදක්කම් ගණන 02කි. වර්ෂ 2017න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මීටර 800 ඉසව්වෙන් එක්වර පදක්කම් දෙකක් දිනූ දෙවැනි අවස්ථාව මෙයය.
මීටර් 4 X 400 සහාය දිවීම – පිරිමි
2003 වසරෙන් පසු ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය විය.
අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේගෙන් සමන්විත කණ්ඩායම ආසියානු මළල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළහ.
ඔවුන් වාර්තා කළ කාලය විනාඩි 3 තත්පර 01.56 කි. ඒ කාලය නව ආසියානු ශූරතා වාර්තාවක් වූයේය. නව ශ්‍රී ලංකා වාර්තාවත් එයය. ආසියාවේ මෙතෙක් 400 X 4 සහාය දිවීමේ කණ්ඩායමක් වාර්තා කළ හොඳම කාලය එයය. එම කාලය ලෝක ප්‍රමුඛතා ලයිස්තුවේ දෙවැනි තැනට ගියේය. වර්ෂ 2013න් පසු ලෝක ශූරතා සඳහා සුදුසුකම් ලැබීමේ ඉහළම හැකියාව පෙන්වු අවස්ථා 16න් 12 වැනි තැනය.
මෙම ඉසව්වේ පබසර නිකූ, පසිඳු කොඩිකාර, රාජිත රාජකරුණා සහ කාලිංග කුමාරගේ තරග කළහ.
මෙම තරගයට තරග වැදුණු පබසර නිකූ, පසිඳු කොඩිකාර 2018 වසරේ දකුණු ආසියානු කනිෂ්ඨ, ආසියානු කනිෂ්ඨ, ලෝක කනිෂ්ඨ රන් පදක්කම්ලාභීහු වූහ.
මීටර් 4 X 400 සහාය දිවීම – කාන්තා
නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න සහභාගී වූ මෙම ඉසව්ව රිදී පදක්කම සමග ඔවුන් නිමා කරන්නේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමිනි. වාර්තා කළ කාලය විනාඩි 03යි තත්පර 33.27කි.
එමෙන්ම කාන්තා 4 X 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගත් ඉහළම අන්තර්ජාතික පදක්කමත් මෙයය. වර්ෂ 2002 දී අපි ලෝකඩ පදක්කම මෙම ඉසව්වෙන් දිනාගෙන තිබිණි. 2019 වසරේ අපට හිමි වී තිබුණේ සිවු වෙනි ස්ථානය ය.
නදීෂා රාමනායක හැර කණ්ඩායමේ අනෙක් තරුණ ක්‍රීඩිකාවන් තිදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මේ මට්ටමේ ජාත්‍යාන්තර තරගයකට එක් වන්නේ පළමු වරටය.
සයුරි මෙන්ඩිස් සහ තරුෂි කරුණාරත්න 2021 කණිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමේ අවසන් තරගකාරියෝ වූහ. මෙය නිශේන්ද්‍රා ප්‍රනාන්දුගේ පළමු ජාත්‍යාන්තර අත්දැකීමය.
මේ ජයග්‍රහණය මෙසේ සංක්ෂිප්ත කළ හැකිය.
කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ 04 වැනි තැනට පත්වීම මෙතේක මළල ක්‍රීඩා ඉතිහාසයේ පොදුවේ අත්කරගත් විශිෂ්ටතම ජයග්‍රහණය ය.
මෙම තරගාවලියේ දී ආසියානු වාර්තා දෙකක් බිහි විය. ඒ පිරිමි මීටර 4 X 400 හා කාන්තා මීටර 800 ය.
ශ්‍රී ලංකා වාර්තා 05ක් බිහි විය. එනම් කාන්තා මීටර 800, පිරිමි 4 X 400, කාන්තා 4 X 400, මිශ්‍ර සහාය දිවීම, කාන්තා හෙල්ල විසිකිරීමය.
එමෙන්ම කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු කනිෂ්ඨ වාර්තාව, දකුනු ආසියානු කනිෂ්ඨ වාර්තාව, ජාතික කනිෂ්ඨ වාර්තාව, බිහි විය.
සාමාජිකයන් 13 දෙනෙක් තරගාවලියට එක් වූහ. ඉන් 11 දෙනෙක්ම පදක්කම් දිනූහ.
;







