ශ්‍රියානි විජේසිංහ –
මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මස දක්වා කාලය තුළ රජයේ වෛද්‍ය සැපයුම් අංශය වෙතින් ඖෂධ හා ශල්‍ය උපකරණ 64ක ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කළ බව සැපයුම් අංශය සඳහන් කරයි.
මේවා භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ලැබෙන පැමිණිලි මත කරන ලද සොයා බැලීම්වලට අනුව වෙන වෙනම චක්‍රලේඛයන් නිකුත් කිරීමෙන් අනතුරුව යැයි එම අංශය පවසයි.
හෘදයේ වේගය අඩුවන විට එම තත්ත්වය පාලනය කිරිම සඳහා භාවිතා කරන “ඩොබියුටමින්” (Dobutamine) නැමැති ඖෂධය පසුගිය 16 වෙනිදා සිට භාවිතයෙන් ඉවත් කර ඇත. මෙම ඖෂධය දැඩිසත්කාර ඒකකවල හදිසි ප්‍රතිකාර සඳහා අනිවාර්යයෙන්ම භාවිත කරන ඖෂධයකි.
තවද ඉවත් කරන ලද ඖෂධ හා උපකරණ අතර සේලයින් , කැනියුලා, අක්ෂිකාච,ඇස්ප්‍රීන් ආදිය ද පවතී.
මෙසේ ඉවත් කරන ලද බහුතරයක් ඖෂධ හා ශල්‍ය උපකරණ ඉන්දියාවෙන් ආනයන කළ ඒවා හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඒවා බවද සඳහන්වේ.
භාවිතයෙන් ඉවත් කළ අතිබහුතරයක් ඖෂධ දෛනිකව භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ බව වාර්තා වි ඇත.