කොල්ලකෑමකින් සොරාගන්නා ලද පුරාවිද්‍ය වටිනාකමකින් යුත් බවට සැක කරන රන් ආලේපි බුදු පිළිම 04ක්, රන් ආලේපිත කාලි මැණි පිළිම 01ක් සහ රන් ආලේපිත කරඩුවක් සමග හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි වේයන්ගොඩ සහ කල්එළිය ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (17) විශේෂ කාර්ය බලකායේ ගොන්හේන කඳවුර නිලධාරීන්ට හැකි වී ඇත.
පුරාවස්තු අලෙවිය සඳහා ගෙන යමින් සිටිය දී පස්යාල හංදියේ සිට මීටර් 500 ක් පමණ අත්තනගල්ල දෙසට මාර්ගයේ දී සිදුකල වැටලීමක දි මෙම සැකකරුවන් දෙදෙනා යතුරු පැදියක් ද සමග අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
වයස අවුරුදු 46 ක පමණ මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







