දරාගත නොහැකි පරාජයකි. ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ දීම නැමීබියාව හමුවේ ලජ්ජා සහගත පරාජයකය.
ස්වල්ප වෙලාවකට පෙර ශ්‍රී ලංකාව නැමීබියාව හමුවේ ලකුණු 55ක අන්ත පරජයක් ලැබුවේය.
ආසියානු ශූරයින් ලෙස පැමිණ නැමීබියාව හමුවේ ලද මේ දරාගත නොහැකි පරාජය කිසිම ක්‍රීඩා ලෝලියෙක් අපේක්ෂා කළ දෙයක් නොවේ. ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19ක් තුළ ලකුණු 108කට සියල්ලෝම දැවී ගියහ.
නැමීබියානු පන්දු යවන්නන් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට පැමිණීමට ඉඩ නුදුන්නා සේම පිතිකරුවෝ ලෝකය වෙනස් කරනු ඇතැයි සිතූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුළු පන්දු යවන්නන්ව නන්නත්තාර කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 21ක් වනවිට ක්‍රීඩාගාරයේය. කුසල් මෙන්ඩිස් පන්දු 06ක මුහුණ දි ලකුණු 06ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ වනවිට ලකුණු සංඛ්‍යාව 12කි. ලකුණු 21 වනවිට දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 09කට දැවී ගියේය.
තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දීම ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියානු පන්දු යවන්නන් විසින් නමා දැමුවේ එතැන් සිටය. දැන් ලකුණු 21කට කඩුළු තුනකි.
මැද පෙළ හැමදාම ශක්තිමත් කළ ධනංජය ද සිල්වාත් නැමීබියානු පන්දු යවන්නන් හමුවේ දියවුනේය. ඔහු ලකුණු 12කට දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 41කි. ලකුණු 41ට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හතරකි.
නායක දසුන් ශානකට භානුක රාජපක්ෂ එක් වූයේය. එහෙත් බලාපොරොත්තු වුන ශක්තිය භානුකගෙන් ලැබුනේ නැත. ඔහු පන්දු 21 දී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 20ක් පමණක් ලබා සිටිය දී පස්වන කඩුල්ල ලෙස දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 05ක් ලකුණු 74ට බිඳ වැටී ගියේය. අනතුරුව පිටියට පැමිණියේ වනඳු හසරංගය. හසරංග බලාපොරොත්තු නොවූ ලෙස ලකුණු 04කට දැවී ගියේය. ලකුණු 80 වනවිට කඩුළු 06ක් බිඳ වැටී තිබිණි.
මෙවැනි අවස්ථාවක වගකීම දරනා නායක දසුන් ශානක ලකුණු 29 කට දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 88ක්ව තිබියදීය. අවසන් බලාපොරොත්තුව වූයේ චාමික කරුණාරත්නය. චාමික ලකුණු 05කට දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 88කි. ප්‍රමෝද් ලියනගම ලකුණු නොලබා ඊලඟ පන්දුවේ දී දැවී යන විට ලකුණු 88ට කඩළු 8ක් ලෙස සටහන්ව තිබිණි. .
අවසන් පිතිකරුවන් වූයේ දුෂ්මන්ත චමීර සහ සහ මහීෂ් තීක්ෂණය. අවසන් කඩුල්ල ලෙස දුෂ්මන්ත චමීර ලකුණු 08කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108කට සියල්ලෝ දැවී ගියහ.
පන්දු යැවීමේ දී නැමීබියා වෙනුවෙන් David Wiese ලකුණු 16ට කඩුළු 02ක්, Bernard Scholtz ලකුණු 18කට කඩුළු 02ක්, Ben Shikongo ලකුණු 22කට කඩුලු 02ක්, Jan Frylinck ලකුණු 26කට කඩුළු 02ක්, JJ Smit ලකුණු 16ට කඩුල්ලක් ලැබීය.
මේ කතාවත් බලන්න…







