බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අසලංක, සධීර, කුසල් කස පුපුරවති… පළමු විස්සයි 20 තරගයේ දි බංගලියන්ට ලකුණු 207ක ඉලක්කයක්…

by editor
මාර්තු 4, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඒ පිතිකරණය නම් මනරම්ය. වේගවත්  පිටියක් සහිත පන්දුවට පරහර දීමට උචිත තණතීරුවේ ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශයට ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබේ.

විස්සයි20 තරගයක දී මොනතරම් වේගවත් පිටියක මොන ආකාරයේ තණතීරුවක වුවද ලකුණු 206ක් හඹා යෑම පහසු නැත. කඩුළු 03ක් පමණක් දැවී ලබා ගන්නා ලකුණු 206 ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිමත්  මෙන්ම විශ්වාසනීය මනෝභාවය ප්‍රකාශ කරයි.

ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකා කණ්ඩායම පසුවන්නේ 08වන තැනය. බංගලාදේශය අපට වඩා එක් ස්ථානයක් පහළිනි.  බංගලාදේශය 09වන තැනය. එහෙත් මේ තරගයට අප පිවිසෙන්නේ අපේ හොඳම විස්සයි 20 තුන්ඉරියව් ක්‍රීඩකයා වූ වනිඳු  මෙන්ම අපේ විශිෂ්ටම ආරම්භක පිතිකරු පැතුම් නැතිවය.

කුසල් පන්දු 36ක දී ලකුණු 59ක්…

තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට් හි ආරම්භවුන තරගයේ කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශ කණඩායමය. ඔවුහු පන්දු යැවීම තේරුහ.

තරගය ආරම්භයේම පැතුම් නැති අඩුව හොඳටම දැනුනේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන් ලකුණු 04කට දැවී ගියේය. අනතුරුව අනෙක් අන්තයෙන් පන්දුවට පහර දීමට පැමිණි කුසල් මෙන්ඩිස් ට එක්වුනේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු සහ කුසල් අතර  ඇතිවන්නේ ලකුණු 33ක සම්බන්ධතාවක් පමණි.  කමිඳු හතරවැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී ලකුණු 19කට දැවී ගියේය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 37කි. කඩුළු 02ක් දැවී ගොස්ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහෙත් ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හා එක්වන සධීර සමරවික්‍රම තනිකරම  තරගය ස්වකීය අණසකට යටත් කර ගත්හ. පන්දු 36ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලැබුවේය.

කුසල් තුන්වන කඩුල්ල ලෙස 14 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී දැවී යන විට මුළු ලකුණු සංඛයාව තිබුණේ 133ක ය.  ඒ වනවිට එක් අන්තයක් රැකගෙන විචිත්‍ර පිතිකරණයක නිරතවෙමින් සිටි සධීර සමරවික්‍රමට එක්වුන නායක චරිත් අසලංක එතැන් සිට පිටිය  කස පුපුරුවන පෙරහරක් බවට පත් කළේය. ඔහු පන්දු 21කට පමණක් මුහුණ දුන්නේය. ලකුණු 44කි. එක් හතරේ පහරක් නැත. හයේ පහර 06කි.  නොදැවී තරගය අවසන් කළ සධීර සමරවික්‍රම පන්දු 48ක දී ලකුණු 61කි. ඔහු තරේ පහර 8කි. හයේ පහර 1 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දි ලකුණු 206කි. කඩුළු 03ක් පමණක් දැවී ගොස් තිබිණි.

බංගලි පන්දු යවන්නෝ අනුකම්පා විරහිත ප්‍රහාරයකට ලක් වුහ. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 47ක් ලබා දී කඩුල්ලක් දවා ගත්තේය. ටස්කින් අහමඩ් ලකුණු 40කට කඩුල්ලක් ලැබුවේය. රිෂාඩ් හොසේන් ලකුණු 32කට කඩුල්ලක් ලැබුවේය.

ලකුණු 19ක් අතිරේක ලකුණු ලෙස බංගලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකාවට ප්‍රදානය කර තිබේ. තරගයක් පිළිබඳ තීරණයට මෙම ලකුණු ප්‍රමාණය ඇතිය.  බොහෝ විට තරගය ශ්‍රී ලංකාව පැත්තේය.

Share69Tweet43
Previous Post

අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් යන්ත්‍රය අවභාවිතා කරන හැටි රජයේ විකිරණ තාක්ෂණවේදීහු කියති!

Next Post

ඔක්ටේන් 95, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි… ඔක්ටේන් 92 සහ සුදු ඩීසල් මිලේ වෙනසක් නෑ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.