කිර්ති ප්‍රනාන්දු –
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරය රුපියල් 09කින්, ලංකා සුපිරි ඩීසල් රුපියල් 10කින් සහ ලංකා භූමිතෙල් රුපියල් 5කින් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි අඩු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිග සංස්ථාව නිවේදනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 95 නව මිල රුපියල් 447ක් ලෙසද, සුපිරි ඩීසල් මිල රුපියල් 458ක් ලෙස ද, භූමිතෙල් මිල 257ක් ලෙසද අඩු වනු ඇත.
රටේ බහුලව භාවිතාවන පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක් ලෙස ද ලංකා සුදු ඩීසල් රුපියල් 363ක් ලෙසද නොවෙනස්ව පවතිනු ඇත.
සංශෝධිත මිල ගණන් සහිත නිවේදනය පහත දැක්වේ.








