සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

ධනුෂ්කගේ සටන්කාමී ඉනිම අපතේ යයි… කැන්ඩි ටස්කර්ස් පළමු ජය වාර්තා කරයි

by editor
දෙසැම්බර් 1, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

පළමු තරග 2දීම සියුම් පරාජයන් දෙකක් විඳදරා ගත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ (30) රාත්‍රි එල්.පී.එල්. තරගාවලියේ පළමු ජයග්‍රහණය  වාර්තා කරමින් ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු අවාසනාවන්ත ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ඇද දැමුවේය.

කාසියේ වාසිය පරාජයට පත්වූවත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක අෆ්රිඩිගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20දී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණි. සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමග ලකුණු  82ක් රැස් කළත් එම වටිනා ඉනිම අපතේ ගියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තුන්වැනි පරාජය උරුම කර දෙමිනි. 

එල්.පී.එල්. තරගාවලියේ හොඳම ආරම්භක පිතිකරු යුගලය වන කැන්ඩි කණ්ඩායමේ නායක කුසල් ජනිත්ට සහ ඇෆ්ගනිස්තාන පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස්ට ඊයේ දිනයේදී වැඩි දායකත්වයක් ලබා දීමට නොහැකි විය. මුලදී සාර්ථක පිතිහරඹයක ලක්ෂණ පෙන්නුම් කළත් මුළු ලකුණු සංඛ්‍යාව 22දී ගුර්බාස් දැවී ගියේය. නමුත් කුසල් සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කිරීම නිසා 10 වැනි ඕවරය වනවිට ලකුණු ලැබීමේ වේගය ඉහළ මට්ටමකම පවත්වාගැනීමට කැන්ඩි කණ්ඩායමට හැකිවිය. 

පන්දු 24කට මුහුණ දුන් කැන්ඩි කණ්ඩායමේ නායකයා හතරේ පහර 4ක් සමග ලකුණු 27ක් ලැබුවත් ඊයේ ඔහුගෙන් සුපුරුදු පිතිහරඹ දස්කම් පෙන්නුම් නොවීය. මුළු ලකුණු සංඛ්‍යාව 97දී කුසල් ජනිත් දැවීයාමෙන් පසුව ඉනිම ගොඩ ගත්තේ පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්ය. ප්‍රමාදවී ශ්‍රී ලංකාවට පැමිණි නිසා නිරෝධානය කාලසීමාව ගත කිරීමෙන් පසු සිය පළමු තරගයට ඊයේ ක්‍රීඩා කළ මේ පිතිකරුවා පන්දු 35කදී නොදැවී ලකුණු 51ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගිනි. ටේලර් පිටියට පැමිණ වැඩි වේලාවක් ගත වීමට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 30කදී ලකුණු 49ක් රැස් කිරීමෙන් පසුවය. වෙනදාට වඩා ආක්‍රමණශීලි පිතිහරඹයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බ්‍රෙන්ඩන් ටේලර්ට යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස්ගෙන් ලැබුණේ අගනා සහයකි. ජාත්‍යන්තර අත්දැකිම් බහුල සිම්බාබ්වේ පිතිකරුවාට වැඩි අවස්ථාවක් ලබා දුන්නත්, මේ යොවුන් පිතිකරුවා වේගවත් ක්‍රිඩා රටාවක නිරතවෙමින් පන්දු 16කදී ලකුණු 28ක් ලැබුවේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි. එමෙන්ම ඔහු ටේලර් සමග එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 65ක සම්බන්ධතාවක් ගොඩ නැගීම නිසා සටනක් දිය හැකි  ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

ලකුණු 197ක් හඹා  යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5ම අනපේක්ෂිත අයුරින් ලකුණු 85ක් ඇතුළත  බිඳ වැටුණු අතර විශාලතම බලාපොරොත්තු වූ නායක අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දවාලීමට සීකුගේ ප්‍රසන්න සමත්විය. ඔහු දැවී ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. ඉන් අනතුරුව නැවත හිස ඔසවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අවස්ථාවක් නොලැබිණි.

හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක 6 වැනි කඩුල්ලට ශෙහාන් ජයසූරිය සමග එක්ව ලකුණු 53ක් එක් කළත් එය ඵලදායි නොවීය. ජයසූරිය ලකුණු 17ක් රැස් කිරීමට පන්දු 23ක්ම වැය කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසු ලකුණු ලබාගැනිමේ වේගය ඉහළ දැමීමට උත්සාහ කළ ධනුෂ්ක ගුණතිලක දුවද්දී දැවී යාමට හසුවීමත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පරාජය ඉක්මන් විය. අගපෙළ පිතිකරුවන් වන මොහොමඩ් ශිරාස් සහ මොහොමඩ් අමීර් එක්ව අවසන් ඕවර කිහිපයේදී ජයග්‍රහණය හඹා ගියත් එල්.පී.එල්. තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පන්දු යවන්නන් 7 දෙනකුම භාවිත කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් එය වැළැක්වීමට සියළු කටයුතු මනාව සම්පාදනය කළේ නායකත්වයේ ශූර උපක්‍රම රැසක් භාවිතයට ගනිමිනි.

ඊයේ පළමු තරගයේ තරුව බවට පත්වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා නිසා මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට සමත්ව සිටින ජැෆ්නා කණ්ඩායම  ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින අතර ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කලම්බු කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබා දෙවැනි තැනට පත්වී සිටී. ඊයේ ජයග්‍රහණයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වැනි තැනත්, දසුන් ශානකගේ දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබා සිවුවැනි තැනත් අත්කරගෙන සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කූරියර් සේවා ඔස්සේ නිවසටම

Next Post

පුෂ්පකුමාරගේ නිපන්දුව තරග පාවාදීමක්ද…..

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.