අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

තිසරගේ අඩිපාරේ ගිය අවිශ්ක ජැෆ්නා කණ්ඩායමේ අපරාජිතබව රැක ගනී

අෆ්රිඩි නැති ගෝල් කණ්ඩායමට පිට පිට සිවුවැනි පරාජය

by editor
දෙසැම්බර් 4, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එල්.පී.එල්.තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 170 හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි.

අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ඉනිම ආරම්භ කළ ජැෆ්නා කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ටොම් මුවර්ස් ලකුණු 11කට දැවී යාමෙන් පසු මිනෝද් භානුක සමග එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 125 දක්වා ඉහළ දැමීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්විය. පළමු ඕවර 5 නිමාවනවිට ලකුණු 38ක් වූ ජැෆ්නා ඉනිම ඕවර 10 නිමාවෙද්දි ලකුණු 80 දක්වා ඉහළ දැමීමට  මේ පිතිකරුවන් දෙදෙනා සමත්වූහ. 

ධනංජය ලක්ෂාන් යැවූ 13 වැනි ඕවරයේ පළමු පන්දු 3ම හයේ පහරවලින් සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දුගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 40කිනි. අනතුරුව 14 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් මිනෝද් භානුක දවාලීමට අසිත ප්‍රනාන්දු සමත්වීමෙන් පසු පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ලකුණු මැෂිම නායක තිසර පෙරේරාට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට අසිත ප්‍රනාන්දු ඉඩ තැබුවේ නැත. තිසර පෙරේරා ලකුණු 9කට දැවීයද්දී ජයග්‍රහණය සඳහා ජැෆ්නා කණ්ඩායමට අවශ්‍යව තිබුණේ පන්දු 21කින් ලකුණු 26ක් පමණි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ එම ඉලක්කය පන්දු 12කට ලකුණු 19ක් දක්වා අඩු කිරීමෙන් පසුවය. ලකුණු 84ක්  රැස් කිරිමට පන්දු 59කට පමණක් මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සිය ඉනිමට එකතු කරගත්තේය. 19 වැනි ඕවරය යැවූ මොහොමඩ් අමීර්ට පිට පිට හතරේ පහර 6කින් සංග්‍රහ කරමින් ජයග්‍රහණය පහසු කරගැනීමට වනිඳු හසරංග සමත්වීම නිසා අවසන් ඕවරයේදි ඔවුන්ට ලබාගත යුතුව තිබුණේ ලකුණු 3ක් පමණි. 

සිය දියණිය හදිසියේ රෝගාතුර වීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහීඩ් අෆ්රිඩිට නැවත පාකිස්තානය බලා යාමට සිදුවීම නිසා උපනායක භානුක රාජපක්ෂ අද තරගයේදී නායකත්වය දැරූ අතර ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින ගෝල් කණ්ඩායමට අෆ්රිඩිගේ අඩුව තව දුරටත් විශාල පාඩුවක් බවට පත්විය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති ගෝල් කණ්ඩායමේ අවසන් තරගයේදී ඉනිම ආරම්භ කළ හස්රතුල්ලා සසායි, මිලින්ද සිරිවර්ධන සහ වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් ද අද විවේක ගැන්වූ ගෝල් කණ්ඩායම ඒ වෙනුවට චැඩ්වික් වෝල්ටන්, ධනංජය ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු සහ  අහ්සාන් අලි කණ්ඩායමට කැඳවා තිබිණි. 

පාකිස්තාන පිතිකරු අහ්සාන් අලි සමග ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 67 දක්වා ඉහළ දැමූවත් ඒ සඳහා ඕවර 8කුත්, පන්දු 2ක්ම වැයවීම ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට තිබුණු බලාපොරොත්තු බිඳ වැටිණි. මේ පිතිකරුවන් දෙදෙනා ආරම්භක ඕවරයේ සිටම ඇද බැඳ තබාගැනීමට ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නෝ වග බලා ගත්හ. ගෝල් කණ්ඩායමට පළමු ඕවර 5 ඇතුළත රැස් කිරීමට හැකිවූයේ ලකුණු 37ක් පමණි. අනතුරුව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නා වන ඩුවේන් ඔලිවර්ට පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් පීඩනයෙන් මිදීමට අහ්සාන් අලි උත්සාහ කළත්, ඊළඟ ඕවරය යැවූ වනිඳු හසරංගගේ උපක්‍රමශීලී පන්දුයැවීම නිසා ලකුණු 4කට වඩා රැස් කිරිමට ආරම්භක පිතිකරුවෝ අසමත් වූහ. නායක තිසර පෙරේරා යැවූ 8 වැනි ඕවරයෙන් ලකුණු 11ක් උදුරා ගත් ධනුෂ්කගේ සහ අහ්සාන්ගේ සම්බන්ධතාව බිඳ දමනු ලැබුවේ 9 වැනි ඕවරය යැවූ වනිඳු හසරංග විසිනි. 

පන්දු යවන්නා වෙතටම උඩපන්දුවක් දී අහ්සාන් ලකුණු 29කට දැවී යාමෙන් පසු ධනුෂ්ක සමග එක්වූ ගෝල් කණ්ඩායමේ පුහුණුකරු මොයින් අලීගේ පුත්‍රයා වන අසාම් ඛාන් ලකුණු සංඛ්‍යාව 110 දක්වා ඉහළ නැංවූයේ වනිඳු යැවූ 11 වැනි ඕවරයෙන් ලකුණු 16ක් උදුරා ගනිමිනි. ඩුවේන් ඔලිවර් යැවූ 12 වැනි ඕවරයේ පළමු පන්දු 2ම පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් ගෝල් කණ්ඩායමේ ඉනිම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට යාමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ අසාම් ඛාන් ලකුණු 25කට දැවීයාමෙන් පසු වැඩිවේලා කඩුල්ලේ රැඳි සිටීමට ඉඩක් නොලැබිණි. 

ධනංජය ද සිල්වා යැවූ ඉනිමේ 14 වැනි ඕවරයේදී අෆ්රිඩි වෙනුවට නායකත්වයේ කටයුතු කළ භානුක රාජපක්ෂ දවාලීමට ෂෝර්ට් කවර් කලාපයේ සිට නායක තිසර පෙරේරා රැකගත් උඩපන්දුව අතිවිශිෂ්ට එකකි. ඕවර 15ක් නිමාවනවිට ගෝල් කණ්ඩායම ලබා සිටියේ කඩුලු 4කට ලකුණු 122ක් පමණි. පන්දු 44කදී හතරේ පහර 7ක් සමග ලකුණු 56ක් රැස් කළ ධනුෂ්ක ගුණතිලක දවාලීමට සමත්වූයේ වනිඳු හසරංගය. 

ඉන් පසුව ඉනිමේ 16 වැනි ඕවරය යැවූ ශොහේබ් මලික් ලබා දුන්නේ ලකුණු 5ක් පමණි. එසේ වුවත් උස්මාන් ශින්වාරි යැවූ 17 වැනි ඕවරයේ නිපන්දුවක් වූ පළමු පන්දුවට එල්ල කළ හයේ පහරක් ද ඇතුළු පන්දු 4දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24ක් උදුරා ගැනීමට වෝල්ටන් සමත්විය. පස්වැනි පන්දුවෙන් ඔහු දැවී යද්දී පන්දු 14කින් ලකුණු 31ක් ලබා සිටියේය. අවසන් ඕවර 3ට ගෝල් කණ්ඩායම රැස් කළේ ලකුණු 17ක් පමණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.එච්.අයි මහත්වරුන්ට කෙළ ගැසූ අටලුගම ආසාදිතයා 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ගංවතුරට කොටු වූ කිළිනොච්චි වැසියන් 131 බේරා ගැනීමට ගුවන් හමුදා සහාය…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.