පී.එච්.අයි. මහත්තුරුන්ට කෙළ ගැසූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුව මෙම සැකකරු අද පෙරවරු 9.20 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.
නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය.