සෞඛ්‍ය අමාත්‍යංශයේ බන්ධනාගාර කටයුතු භාරව කටයුතු කළ අධ්යක්ෂවරයා තාවකාලිකව එම රාජකාරීවලින් ඉවත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අරංචි මාරගත පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර රෝහල්වල වෛද්‍ය කටයුතු මෙසේ සෞඛ්‍ය අමාත්‍යංශ විෂය පථයට අයත් වන අතර මෙතෙක් එම කටයුතු භාරව තිබුණේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සම්බන්ධ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තුටය.
ඊයේ (03) සිට ඔහු බන්ධනාගාර සම්බන්ධ රාජකාරීවලින් බැහැර කොට ඒ වෙනුවට වැලිකඩ රෝහලේ අධ්යක්ෂ වෛද්‍යවරයාට මෙම රාජකාරිය භාර දී ඇත.
මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන්නේ පසුගියදා මහර බන්ධනාගාරයේදී ඇති වූ ගැටුමයි. එහිදී රැඳවියන් මහර බන්ධනාගාර රැඳවියන් යම් ඖෂධ වර්ගයක් භාවිත කළ බවට වූ කතාව සහ බන්ධනාගාර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ විවිධ වාද විවාද සිදුවිය.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පත්කරන ලද මහර සිදුවීම විමර්ශණය කිරීමේ පංච පුද්ගල කමිටුව ඊයේ මුල් වරට රැස් වූ වද වාර්තා වේ.







