අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳ රජය වැරදි චිත්‍රයක් මවා ඇති බවත් එම නිලධාරියා ඉහළින් එන නියෝග අනුව නීති ක්‍රියාත්මක කළ නිලධාරියකු බවත් හිටපු අමාත්‍ය චම්පික රණවක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටින කාලයේ වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටින කාලයේත් ඔවුන්ගේ විධානයන්ට අනුව ශානි අබේසේකර කටයුතු කළ බවත් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ඊට සම්බන්ධ වී කටයුතු කළ බව චම්පික රණවක මන්ත්‍රිවරයා ඊයේ අයවැය විවාදයේදි සිහිපත් කළේය.
චම්පික රණවක මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කරද්දී ඊට ඌණ පූරණයක් එක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“මම බලහත්කාරයෙන් අත්අඩංගුවට ඇදගෙන ගිය දවසේ මහතා මගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී එක රෑ දහයට තමයි අරන් ගිහින් තිබුණේ ඇය පසුදා පාන්දර හතර වෙනකල් ප්‍රශ්න කරලා. ඒ සියල්ල කළේ ශානි අබේසේකර ඔහු එදත් පවතින රජය කියන දේවල් කළා.“ යයි පැවසීය.
මෙම කතාවේදී මහජන ආරක්ෂාව පිළිබඳව පත් වූ නව අමාත්‍යවරයාගේ පස ක්‍රියාකලාපයන් සම්බන්දයෙන් ප්‍රසාදය පළ කළ චම්පික රණවත අමාත්‍යවරයා, අද්මිරාල් සරත් වීරසේකර මහතා නාවික හමුදා නිලදාරියකු වශයෙන් මෙනම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් ක්‍රියා කළ අපක්ෂපාතී සහ වගකීම් සහගත ස්වභාවයෙන්ම අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ඇතයි තමන් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.







