අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

by editor
දෙසැම්බර් 13, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

අන්තර්ජාතික තලයේ ප්‍රිමියර් ලීග් තරගාවලියක් ලෙස සංවිධානය වන   ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බෝ කිංග්ස් සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අද  (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

තරගාවලියේ ආරම්භයේ සිටම පරාජයේ ආගාධයට වැටී සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ අවසන් තරග කිහිපයේදී විශිෂ්ට දස්කම් දක්වමිනි. ආරම්භයේ සිටම සැලසුම් සහගත ක්‍රීඩා විලාශයයක් පෙන්නුම් කළ කලම්බෝ කිංග්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේ අවසන් තරග කිහිපයක්ම ඉතිරිව තිබියදීය.

  • කලම්බො කිංග්ස් පැමිණි ගමන

මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග අටකට ක්‍රීඩා කළ අතර කලම්බෝ කිංග්ස් එම තරග 8න් 6ක්ම ජයගත්හ. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් ලද සුපිරි ඕවරයෙන් ජයගත් කලම්බෝ කිංග්ස් දෙවැනි තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 34කිනි. අනතුරුව දඹුල්ල වයිකිං හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වූ කලම්බෝ කිංග්ස් කඩුලු 6කින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරාජයට පත් කළේය. අනතුරුව ඔවුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් සිය සිවුවැනි ජය වාර්තා කළ අතර ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ කඩුලු 8කින් පරාජයට පත්විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග පැවැති 7 වැනි තරගය ලකුණු 6කින් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම සමග පැවැති අවසන් තරගය කඩුලු 6කින් ජයගත් කලම්බෝ කිංග්ස් කණ්ඩායම මූලික වටය නිමාවනවිට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූයේ ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියමිනි.

dinesh-Chandima
දිනේෂ් චන්දිමාල්

විශිෂ්ට ආරම්භක පිතිකරු යුගලයක් වන දිනේෂ් චන්දිමාල් සහ ලෝරි එවන්ස්  කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ නියමුවෝ වෙති. මේ දෙදෙනා ගෙන් මුල් තරගවලදී කැපී පෙනෙන දස්කම් පෑ චන්දිමාල් ඉනිම් 7කදී ලකුණු 232ක් රැස් කිරිමට සමත්වූයේ අර්ධ ශතක 2ක් සමගිනි. ඔහු වැඩිම ලකුණුලාභින් අතර 6 වැනි තැන සිටී. කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ අවසන් තරග කිහිපයේදී විශිෂ්ට දස්කම් පෑ අනෙක් ආරම්භක පිතිකරු ලෝරී එවන්ස් එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එකම ශතකයට ද හිමිකම් කියයි. ඔහු ඉනිම් 8කදී ලකුණු 289ක් ලබා වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේ ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ක්වයිස් අහමඩ්

චන්දිමාල් සහ එවන්ස් හැරුණු විට ඇන්ඩ්‍රි රසල්, අෂාන් ප්‍රියංජන, තික්ෂිල ද සිල්වා, ඩැනියෙල බෙල් සහ ක්වයිස් අහමඩ් ද පිත්තෙන් කැපී පෙනෙන දස්කම් පෑ අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට ලකුණු අතරට පිවිසීමට නොහැකිවිය.

ප්‍රතිවාදී කණ්ඩායම ලබා දෙන  ඕනෑම ඉලක්කයක් හඹා යෑමට තරම් සමත්කම් දක්වන කලම්බෝ කිංග්ස් පිතිකරුවන්ගේ බලඈණියට නොදෙවෙනි පන්දු යවන්නන්ගේ බළකායක් ද තිබේ. වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් දෙඅංශයම එල්.පී.එල්. තරගාවලියේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවිය. විශේෂයෙන් ඇෆ්ගන් ජාතික දඟපන්දු යවන ක්වයිස් අහමඩ් ප්‍රතිවාදීන්ගේ සම්බන්ධතා බිඳ දැමීමේ අවස්ථා කිහිපයකදීම වාර්තා විය. ඔහු වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේ තරග 8කදී කඩුලු 11ක් දවාලමිනි.

කොදෙව් වේගපන්දු යවන්නා වන ඇන්ඩ්‍රි රසල් තරග 7කදී කඩුලු 8ක් දවාලීමට සමත්වූ අතර වැඩිම කඩුලුලාභීන් අතර පස්වැනි තැන පසුවෙයි. පැයට කිලෝමීටර් 140ක වේගයෙන් පන්දු යවන දුෂ්මන්ත චමීර ද කොලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු තුරුම්පුවකි. ඔහු තරග 7කදී කඩුලු 7ක් දවාලීය.

ඇන්ඩ්‍රි රසල්
  • ගෝල් ගැඩියේටර්ස් අතීතය

තරගාවලියේ ආරම්භයේ සිටම දැඩි පසුබෑමකට ලක්වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පළමු තරගය කඩුලු 8කින් පරාජයට පත්වූ අතර දෙවැනි තරගයෙන් කලම්බෝ කිංග්ස් හමුවේ ලකුණු 34කින් පරාජයට පත්විය. අනතුරුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 25කින් ද, ජැෆ්නා ස්ටැලියන්ස් හමුවේ කඩුලු 5කින් ද, දඹුල්ල වයිකිං කණ්ඩායම හමුවේ ලකුණු 9කින් ද පරාජයට පත්වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 5කට පසු කලම්බෝ කිංග්ස් කඩුලු 8කින් පරාජය කරමින් පළමු ජයග්‍රහණය වාර්තා කළේය. ඉන් අනතුරුව ඔවුන් දඹුල්ල වයිකිං කණ්ඩායම හමුවේ කඩුලු 4කින් පරාජයට පත්වූ අතර අවසන් පූර්ව වටයට එක්වූයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති මූලික වටයේ අවසන් තරගය කඩුලු 9කින් ජයගෙන ලකුණු ලැබීමේ වේගය මතය.

dhanushka-Gunathilaka
ධනුෂ්ක ගුණතිලක

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සාර්ථකත්වය බලපෑ ප්‍රබලතම තුරුම්පු ද්විත්වය ලෙස කැපී පෙනෙන්නේ පිත්තෙන් දස්කම් දක්වන ධනුෂ්ක  ගුණතිලක සහ වේගපන්දුවෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරන පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් අමීර්ය. එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණුලාභීයා වන ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හුදෙකලා සටන්කරුවාය. ඔහුගේ පිතිහරඹය මතින් අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද තරගයේදීත් ධනුෂ්ක කෙරෙහි විශාල බලාපොරොත්තු ගොඩනගා සිටී.

තරග 8කදී අර්ධ ශතක 4ක් සමග ලකුණු 462ක් රැස් කිරීමට ධනුෂ්ක සමත්වූ අතර තරගාවලියේ වෙනත් කිසිදු පිතිකරුවකු ලකුණු 300 සීමාවටවත් ළඟාවී නැත. කෙසේ වෙතත් අහ්සාන් අලි, අසාම් ඛාන් සහ නායක භානුක රාජපක්ෂ ද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පිතිහරඹ අංශය ශක්තිමත් කරති.

ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කළ හැකි ආකාරයේ වේගපන්දු යවන්නකු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සතුව ඇත. ඔහු පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් අමීර්ය. තරගාවලියේ එක් තරගයක කඩුලු 5ක් දවාලූ එකම පන්දු යවන්නා වන අමීර් එල්.පී.එල්. තරගබිමේ හොඳම වේගපන්දු යවන්නා බවට කිසිදු සැකයක් නැත. තරග 8කට ක්‍රීඩා කළ අමිර් කඩුලු 10ක් දවාලමින් වැඩිම කඩුලුලාභීන් අතර තුන්වැනි තැන පසුවෙයි.

Mohomad-Amir
මොහොමඩ් අමීර්

මීට අමතරව ප්‍රතිවාදි කණ්ඩායම්වල මැදපෙළ අඩපණ කරන යොවුන් වේගපන්දු යවන්නා ධනංජය ලක්ෂාන් ද කණ්ඩායමේ විශාල බලාපොරොත්තුවකි. ඔහු තරග 6කදී කඩුලු 8ක් දවාලමින් වැඩිම ලකුණුලාභීන් අතර 6 වැනි තැන සිටී. දඟපන්දු වෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරන ලක්ෂාන් සඳකැන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම අතිවිශිෂ්ටය.

කලම්බෝ කිංග්ස් කණ්ඩායම

ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ලෝරි එවන්ස්, ඩැනියෙල් බෙල්, ඇන්ඩ්‍රි රසල්, අෂාන් ප්‍රියංජන, තික්ෂිල ද සිල්වා, ඉසුරු උදාන, ක්වයිස් අහමඩ්, දුෂ්මන්ත චමීර, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, ධම්මික ප්‍රසාද්.

ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම 

භානුක රාජපක්ෂ ( නායක), ධනුෂ්ක ගුණතිලක, හස්රතුල්ලා සසායි, අහ්සාන් අලි, අසාම් ඛාන්, ශෙහාන් ජයසූරිය, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චිගේ, ලක්ෂාන් සඳකැන්, මොහොමඩ් අමීර්, නුවන් තුෂාර, චැඩ්වික් වෝල්ටන්, මිලින්ද සිරිවර්ධන, අසිත ප්‍රනාන්දු. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලි මැස්සන්ගෙන් බෝ වන ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….

Next Post

තිහාරියෙන් දැනට කොවිඩ් ආසාදිතයන් 59ක්… ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි…

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.