බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

වැලි මැස්සන්ගෙන් බෝ වන ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….

by editor
දෙසැම්බර් 13, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය බල ප්‍රදේශයේ තලල්ල කෝට්ටගොඩ රදම්පොළ මෙන්ම  දෙවිනුවර   ප්‍රදේශයේ ගන්දර  ආශ්‍රිතව පසුගිය වසර කිහිපය තුළ  දැඩිලෙස ව්‍යාප්ත වීමෙන් පුද්ගලයන් හාරසීයකට ආසන්න පිරිසක් රෝගී තත්වයට පත් කළ ලිශ්මනයිසිස්  (Leishmaniasis)  රෝගය සම්බන්ධව අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු හගවයි.

වෛද්‍ය විද්‍යාත්මක හැඳින්වීම

ලීශ්මනයිසිස්  යනු  ගැහැණු ෆ්ලෙබෝටොමයින් ( phlebotomine )වර්ගයේ වැලි මැස්සෙකුගේ දෂ්ඨනය  මගින් සම්ප්‍රේෂණය වන අන්තර් සෛලීය ප්‍රෝටෝසෝවා  පරපෝෂිතයෙකු (ලීෂ්මේනියා කුලය) නිසා ඇති වන රෝගයකි. මෙම රෝගය කුඩා තුවාලය සිට ශරීර අභ්‍යන්තරයේ පද්ධතිවලට හානි කරන මාරාන්තික තත්වයක් දක්වා පරාසයක විහිදෙන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු  වී තිබේ.

වැලි මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු වේදනාවක්, කැක්කුමක් හෝ කැසීමක් නැති කුඩා බිබිලක් ආකාරයෙන් මතු වන ගැටිති ටිකින් ටික විශාල වෙන පවත් මෙය වැලි මැස්සා දෂ්ඨ කළ සැනින් ඇතිවන තත්ත්වයක් නොවන බවත්, බිබිලක් ලෙස රෝග ලක්ෂණ මතු වන්නේ දෂ්ඨ කිරීමෙන් ටික දිනකට පසු බවත්  වෛද්‍යවරු පැහැදිලි කරති.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

හෝහපුටුවා ලෙසත් හඳුන්වන වැලි මැස්සා කවරෙක් ද?

මහජන සෞඛ්‍ය පරික්ෂක ජගත්  අබේවික්‍රම ගෙන් කල විමසීමකදී ඔහු මෙම රෝගය ගැන කරුණු පැහැදිලි කලේය. “ මෙම කුඩා කෘමියා දෂ්ඨ කිරීමෙන් පසු ඇතැම් අයගේ පලු දැමීමක් ඇතිවිය හැකි වුවද එය තාවකාලික තත්ත්වයක් පමණයි. පරපෝෂිතයා සම තුළ වර්ධනය වී බිබිලක් මතු වීමට කලක් ගතවෙනවා. වේදනාවක් නැති නිසා බොහෝ දෙනා ප්රතිකාර සඳහා යොමු වන්නේ නෑ. යොමු වුණත් ඒ ගොඩක් ප්‍රමාද වෙලා. මුල් කාලෙදි මේක තුවාලයක් විදියට නෙමෙයි පේන්නේ. රෝගී තත්ත්වය හඳුනා ගැනීම පමා වෙන්නට ඒකත් එක හේතුවක්.

“රෝගය ගෙන එන සතා,  එනම් වාහකයා වැලි මැස්සා (sand fly) ලෙස හඳුන්වා දීම නිසා බොහෝ අය මෙම රෝග වාහකයා සාමාන්‍ය  ගෙමැස්සෙක් වැනි හෝ ඊටත් වඩා විශාල සතෙකු ලෙස වරදවා වටහා ගෙන සිටිනවා. ඇතැම් අය පළතුරු මැස්සා දෂ්ඨ කිරීමෙන් මෙය ඇතිවන බවත්, ඔවුන් සම විද බිත්තර දැමීම නිසා පණුවන් ඇතිවන බවත් විශ්වාස කරනවා. තවත් සමහරු අතර මෙය ‘වැලි මැක්කා’ මඟින් සෑදෙන බවට වැරදි මතයකුත් තියනවා. මැක්කන් මගින් සෑදෙන වෙනත් රෝගයක් ඇති අතර එය මීට වඩා හාත්පසින්ම වෙනස් උණ රෝග තත්වයක්.“

“ලංකාව තුළ රෝග වාහකයා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් මඟින් තහවුරු කර නොමැති වුවද මෙම සත්වයා මදුරුවාටද වඩා කුඩා සතෙකු වන හෝහපුටුවා ලෙසින් හඳුන්වන සත්වයා බව සිතිය හැකියි. දැනට ලංකාවේ රෝගය බහුලව වාර්තා වන ප්‍රදේශ වල මෙම සත්වයා විශාල වශයෙන් ජීවත් වන අතර මෙම රෝග තත්වය ඉස්මතු වන්නට පෙර ඌ සැලකුනේ පීඩාකාරී කෘමියකු ලෙස පමණයි.“

එමෙන්ම මෙම වාහක කෘමියා ප්‍රාදේශිය වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. වාහකයාගේ ස්වරූපය බොහෝ අය විශාල සතෙකු ලෙසින් වරදවා වටහාගෙන සිටින බව පෙනී යනවා.

දැනට ලංකාවේ වාර්තා වන්නේ cutaneous හෙවත් චර්මීය හෙවත් සමෙහි මතුවන රෝග තත්ත්වය පමණයි. ඉන්දියාව වැනි අපට ඉතා ආසන්න රටවල්වල  අභ්‍යන්තර අවයව වලට ඉතා හානිකර විය හැකි රෝග ආකාරයන්   වාර්තා වෙනවා.

ප්‍රතිකාර ලබාදීමත් සමගම ඇතිවූ තුවාලය  ක්‍රමයෙන්  වේලී යනවා. ප්‍රතිකාරය වශයෙන් ලංකාවේ දැනට භාවිතා කරන්නේ sodium stibogluconate නමැති ඖෂධයයි. එම ඖෂධය සිරින්ජරයක් මගින් බිබිල ඇති ස්ථානයේ සම තුළට ඇතුල් කිරීමෙන් පරපෝෂිතයා මර්දනය කෙරෙනවා. බිබිලේ විශාලත්වය අනුව ප්‍රතිකාර කළ යුතු කාල සීමාව රඳා පවතිනවා. සතියකට වරක් හෝ සති දෙකකට වරක් ප්‍රධාන පෙලේ රජයේ රෝහවල සමේ රෝග සායන වලදී ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා.

මේ ආකාරයේ බිබිලක් ඔබේ ශරීරයේ හෝ පවුලේ අයෙකුගේ, අසල්වැසියකුගේ, ඥාතියෙකුගේ ශරීරයේ දුටුවහොත් වහාම රජයේ රෝහලක සමේ රෝග සායනයට යොමු වන ලෙස දැනුම් දීමයි හොඳම දේ. ⁣ක්‍රීම් වර්ග ආලේපයෙන් හෝ වෙනත් ක්‍රම වලින් මෙය සුව කළ නොහැකියි. එවන් ක්‍රම වලින් තාවකාලිකව යටපත් වුවද කෙටි කළකින්ම නැවත මතු වෙනවා.

වේදනාවක්, කැක්කුමක්, කැසීමක් නොමැති වුවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පරපෝෂිතයාගේ වර්ධනය ශරීර අභ්යන්තරයට සිදු වුවහොත් එම අවයව වලට හානි සිදුවිය හැකිවීමය.

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ මෙම තත්වය යම් අඩුවීමක් මේ වනවිට පෙන්වුවද අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැල්මැස්සා රෝගය   හිස ඔසවීමක් දක්නට  ලැබෙන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චියේ කන්දසාමි කෝවිලේ වානේ වලින් හැදූ පිං කැටේ කඩලා…

Next Post

එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.