අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.පී.එල් ඉන්දියාව හෙම්බත් කළා ද?… ඉන්දියාවට තවත් දැවැන්ත පරාජයක්..

by editor
ඔක්තෝබර් 31, 2021 - Updated on නොවැම්බර් 1, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

යළිත් ඉන්දියාව දැවැන්ත පරාජයකය.  අයි.පී.එල් ගසා ලෝකය තමන් අතට පත් කරගැනීම පරමාර්ථය වී නම් මේ අප දකින්නේ එහි අනෙක් අන්තය ය. ඉන්දියාව  ක්‍රිකට්වලින් හෙම්බත් වී සිටිනු සේය. පකිස්තානය හමුවේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබූ ඉන්දියාව නවසීලන්තය හමුවේ අද (31) කඩුලු 8ක පරාජයක් ලැබුවේය.

ඩුබායි ජාත්‍යාන්තර ක්‍රිකටට් ක්‍රීඩාංගනයේ තරගය පැවැත්විනි. ඉන්දියානුවෝ නවසීලන්තය අභියස ලකුණු 110කට සීමා වුනේය. ඒ කඩුලු 07ක් දැවී යමිනි. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. කාසියේ වාසිය  මේ තරගාවලියේ ජයග්‍රහණයට පදනමක් වූ බව සැබෑය. නමුත් මේ තරම් දුර්වල ක්‍රීඩා විලාශයකට කාසියේ වාසිය වගකියන්නේ නැති බව පෙනුණි.

ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට වැඩි වෙලා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඉශාන් ක්‍රිෂාන් පන්දු 8ක දී ලකුණු 4කට දැවී ගියේය. කේ.එල්. රාහුල් ලබා ගත්තේ ලකුණු 18කි. පන්දු කීපය දී වේගවත් ප්‍රහාරයක් දියත් කළ බව පෙනුනත් පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු පැමිණි රෝහිත් ෂර්මා ලබා ගන්නේ ලකුණු 14ක් පමණි.  විරාට් කෝලි ලකුණු 09කි. හර්දික් පාණඩ්‍යා ලකුණු 23ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් අවසාන මොහොතේ නොලබන්නට ඉන්දියාව ලකුණු 100වත් ඉක්මවා යන්නේ නැත. පන්දු ඕවර 20ක්ම පන්දුවට පහර දී මේ තරම් අසීරුවෙන් ලකුණු 110ක් රැස්කරනු ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ අපේෂා රහිතවය.

ඔවුන්ගේ මුල්ම බිඳ වැටීම සිදුවූයේ ඉන්දියාව පකිස්තානය හමුවේ කඩුලු 10කින් පරාජය වීමෙනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නවසීලන්ත පන්දු යවන්නන් පස් දෙනාම නියමිත පන්දු ඕවර 04 යැව්වේය. කදිම පන්දු යැවීම වාර්තා කළේ ට්‍රෙන්ට් බෝල්ට් ය. බෝල්ට් ලකුණු 20කට කඩුලු 03ක් දවා ගත්තේය. ඉෂ්  සෝධි ලකුණු 17 කඩුලු 02ක් දවා ගත්තේය. ඉන්දියානු පිතිකරුවන් මැනවින්ම පාලනය කළේ ඔහුය. සෝධිගේ ඕවරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය 4.25ක් විය. ටිම් සවුති හා ඇඩම මිල්නෙ කඩුල්ල බැගින් දවා ගත්හ. ඉන්දියාව ලකුණු 110කට සීමා විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් වූ  මාටින් ගුප්ටිල් සහ ඩෙරිල් මිෂෙල් මැනවින් පන්දුවට පහර දුන්හ. ගුල්පිට් ලකුණු 20කට දැවී ගියේය. ඩේරි මිෂෙල් ලකුණු 49ක් ලබා ගත්තේය. ඒ පන්දු 35ක දීය. දැවී ගියේ ඔවුන් දෙදෙනා පමණි. නායක කේන් විලියම්සන් සහ කඩුලු රකින ක්‍රීඩක ඩෙවොන් කොන්වේ පහසුවෙන් තරගය නිමා කළහ. කෙන් විල්යම්සන් පන්දු 31කට ලකුණු 33ක් රැස් කරගෙන සිටියේය.

නවසීලන්ත පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා ගන්නට වැය කළේ පන්දු ඕවර 14.3ක් පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නායකයෙක් මීට වඩා ලං වෙලා මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලන්න ඕන… වන්නිලා ඇත්තෝ කියති!

Next Post

හරීන් සැත්කමෙන් පසු වත්තලින් අද එළි බසී

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.