බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නායකයෙක් මීට වඩා ලං වෙලා මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලන්න ඕන… වන්නිලා ඇත්තෝ කියති!

by editor
ඔක්තෝබර් 31, 2021
in සමාජ
Wannila-Eththo
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ඉන්නේ ඈත වන්නියේ ය. ඒ ඇත්තන්  සිය රැහේ සම්ප්‍රදාය රැක ගැනීමට වෙනස්වෙන සමාජයත් සමග මහා අරගලයකය.   රටේ සංස්කෘතික නායකයෙක් වූ වන්නිලා ඇත්තන් මෙතෙක් මේ සමාජයේ  සිදුවූ බොහෝ සමාජ සංස්කෘතික වෙනස්කම්,  හැල හැප්පීම් අත්දුටුවෙකි. ඔහු ඒ අත්දැකීම් ගත්තේ නිහඬවය. දැවැන්ත වසංගයක් කෙළවර රට තුළ දැන්  ඇති වී තිබෙන වියවුල දඹානට පෙනෙනු ඇත්තේ කෙසේ ද?. ආදිවාසී සංස්කෘතික නායකයෙක් එය තේරුම් ගනු ඇත්තේ කෙසේ ද?. ලංකසර අපි වන්නිලා ඇත්තන් විමසීමු.

මේ අප ඇසූ කෙටි ප්‍රශ්නාවලියට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් දුන් පිළිතුරුය.

  • එක රටක් එක නීතියක් පිහිටුවන්න කොමිටි දාන්න සිද්ධ වුනේ එහෙම දෙයක් මේ රටේ නොතිබුනු නිසානෙ… දැන් ඒ කොමිටියත් ප්‍රශ්නයක් වෙලා නෙ… එකම නීතියක් හැමෝටම තියන රටක ජීවත් වෙන්න හැම මිනිහෙකුටම අයිතියක් තියනවා. ඒ නිසාම එය වචනවලට සීමා නොවිය යුතුයි…

  • අපි පෙරවාරි 04 දා නිදහස සමරන්නෙ එක රටකින් නිදහස් වීම සරමන්න. අනාගතයේ අප නිදහස සමරනවා නම් රටවල් ගොඩකින් නිදහස් වීම සමරන්න වේවි…

මේ වෙලාවෙ මේ රටේ මිනිස්සුන්ව ඔබට පෙනෙන්නෙ කොහොම ද?

මිනිස්සුන්ට හැමදාම හැම කාලකෙම ගැටලු තිබුණා.  ඔවුන් මේ සියල්ල ගැන කළකිරිලා හිටියේ. ඔවුන්ට අවශ්‍ය වුනේ අවංක මෙන්ම නිර්භීත පාලනයක්. අභිමානයක්. ඒ විශ්වාසයෙන් තමයි ලක්ෂ 69ක ජනතාව ඡන්දය දීලා නායකයෙක්ව පත් කරගත්තේ.

ඒ විශ්වාසය නැතිවෙනකොට මිනිස්සු කලකිරෙනවා. ඔවුන්ට   වඩා දැඩිව අප්‍රසන්න  වෙනවා. ඒ තත්වය අපි දැන් රට පුරාම දකිනවා.

ඒත් මේ රජය කටයුතු කළේ   ලෝකයම අඩපණ කළ ලොකු වසංගතයක් එක්ක?

ඔව්… අපි ලෝක වසංගතයකට ගොදුරු වුණා. මාත් ඒ වසංගතයේ වින්දිතයෙක්. ඔබ එය දන්නවා. මා ඇතුළු මුලු ජනතාවම ඒ වසංගතය නිසා පීඩාවට පත් වුණා. රජයත් අපහසුතාවයට පත් වුණා. අප ඒ ගැන සාධාරණව කල්පනා කළ යුතුයි.

ඒත් වසංගතයකින් පීඩාවට පත් වුණු මිනිස්සු නැවත වරක් ආණ්ඩුවක තීන්දු තීරණ නිසා පීඩාවට පත් වෙනවා නම් එතන ගැටලුවක් තියනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔබ කියන්නෙ මොන විදිහෙ පීඩාවක් ගැන ද?

අපේ රට විශාල විදිහට රඳා පවතින්නෙ ගොවිතැන මත. ගොවියො මත. ගොවියන්ට ගොවිතැනට වුමනා කරන පොහොර නැති වුණා. කොරෝනාවලින් අසරණ වුණු මිනිස්සුන්ට ජීවත් වෙන්න තියන ජීවනෝපායත් නැති වුනා.

මේ වගේ හේතු නිසා  රටේ නායකත්වය සම්බන්ධව මිනිස්සු ලඟ තිබුණු විශ්වාසය හොඳටෝම පලුදු වෙනවා.  මිනිස්සු දැන් ඉන්නේ හිතාගන්නවත් බැරි  තරම් බිඳ වැටිලා.

ඔබත් ලෝකය පිළිගත් නායකයෙක්.  ඔබ නායකයෙක් විදිහට මේ ගැටලුව දකිනෙ කොහොම ද?

නායකයෙක් විදිහට හැම දේටම වැඩිය මිනිසුන්ගෙ ජීවිත ගැන බලන්න ඕන.  මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න ඉඩ හදන්න ඕන. අපි මිනිස්සුන්ගේ ජීවිතවලට මීට වඩා   ලංවෙලා බලන්න උවමනායි.   ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම ආණ්ඩුවක මූලික වගකීමක්.

මේ වනවිට රජය තුළ ඇති වී තිබෙන ප්‍රශ්නය ඔබට පෙනෙන්නෙ කොහොම ද?

මා දේශපාලකයෙක් නෙමෙයි. සම්ප්‍රදායක් රකින ඒ සම්ප්‍රදායෙ පැවැත්ම වෙනුවෙන් කැපවුන කෙනෙක්. ඒත් මේ රටේ වැසියෙක් විදිහට මට මේ සිදුවීම් ගැන බයක් තියනවා.

ආණ්ඩුවෙම ඉන්න අය ආණ්ඩුවේ වැඩසටහනකට විරුද්ධ වෙනවා. ඒ අය එළියට ඇවිත් යම් කරුණු සාකච්ඡා කරනවා. කාටත් නොදන්වා රෑ ජාමෙ අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් කියනවා. එහෙම කියන්නේ ආණ්ඩුවෙම කැබිනට් ඇමතිවරු.

රටේ අනාගතයට බලපාන වැරදි තීන්දුවක් පාලකයින් ගන්න වග පෙනෙනවා. එය ඔවුන්ට අයිති දෙයක් නොවෙයි. ඔවුන් පත්වෙන්නෙ කෙටි කාලයකට. ඔවුන්ගෙ වගකීම අනාගතය බාරගන්න ඉන්න පිරිස ශක්තිමත් කිරීම.

එහෙත් අපට දවසින් දවස එක් එක් රටවලට යටත් වෙන්න සිද්ධ වෙලා තියනවා. පෙබරවාරි 04 වැනිදා අප සමරන්නේ එක් රටකින් නිදහස් වීම. අනාගතයේ දී අපට   රටවල් රැසකින් නිදහස් වෙන දවසක් සොයාගන්න වේවි නිදහස සමරන්න.

දැන් එක රටක් එක නීතියක් ගැන කතා කරනවා. ඔබට එය විශ්වාස ද?

එකම රටක්. එකම නීතියක්. ඒක හරිම අපූරු දෙයක්.     ඒ වගේ සමාජයක ජීවත් වෙන්න අපට අයිතියක් තියනවා. එක රටක් රක නීතියක් ගැන කතාවක් අපට කියන්න සිද්ධ වෙන්නෙම එහෙම දෙයක් නොතිබුණු නිසානෙ. බලය තියන සල්ලි තියන මිනිස්සුන්ට වඩා වෙනස් විදිහටනේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුවන  ඔබට සහ මට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.  ඒ නිසානෙ එක රටක් එක නීතියක් කියලා අපට කොමිටි පත් කරන්න සිද්ධ වුනේ.

මේ කොමිටිවලින්  උනත් එකම රටක් එකම නීතියක් ඇතිවෙයි ද කියන්න බෑ. බලන්න දැන් මේ නිසා ඇති වෙලා තියන අලුත් කසුකුසුව. එය අලුත් ප්‍රශ්නයක් වගේ පෙනෙන්නෙ. ඉදිරියේ දි නැවත වරක් ආගමික වාර්ගික ගැටුමක් ඇතිවෙන ලකුණු පෙනෙන්න තියනවා. ඒ නිසාම එක රටක එක නීතියක් හරියට   ක්‍රියාත්මක වීම වැදගත්.

 

.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෘෂි රසායන ගෙන්වීමේ බලය ලේකම් තුන් කට්ටුවකට! – යෝජනාව හෙට කැබිනට්ටුවට

Next Post

අයි.පී.එල් ඉන්දියාව හෙම්බත් කළා ද?… ඉන්දියාවට තවත් දැවැන්ත පරාජයක්..

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.