සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

by editor
ජනවාරි 12, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පන්දු 40ක් ඉතිරිව තිබිය දී ඉන්දියාව ඉතාම සුව පහසු ලෙස දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.  දැන් ඉන්දියාව එක් දින තරගාවලියත් දිනුම්ය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායකයා ය. ඔහු පන්දුවට පහර දීම තේරුවේය. තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා දීමට අපොහොසත් වූ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 40ක් ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 39.5 ක දී සියල්ලෝ ලකුණු 216කට දැවී ගියහ.

මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත ලාබාල පිතිහරඹය හේතුවෙන් පිතිකරුවන්ට ඉතාම සුදුසු කල්කටා ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී පන්දු ඕවර 50 ක්‍රීඩා කරගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දු ඕවර 39.3 ක දී ලකුණු 215කට දැවී ගියේය.
සිය මුල්ම තරගය ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කළේය.

නුවනිඳු ප්‍රනාන්දු

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කළේය. දුනිත් වෙල්ලලාගේ සහ කසුන් රාජිත 8වන  කඩුල්ල වෙනුවෙන් ලකුනු 38ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. දුනිත් ලකුනු 32ක්, ලැබුවේය.

වනිඳු හසරංග 21ක්, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත ලකුණු 17 බැගින් රැස් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු යැවිමේ දි විශිෂ්ට පන්දු යැවීමක නිරත මෙහොමඩ් සුරාජ් පන්දු ඕවර 5.4ක දී ලකුණු 30ට කඩුළු 03ක් ලැබීය. කුල්දීප් යාදෙව් ලකුණු 51ට කඩුලු 3ක් උම්රාන් මලික් ලකුණු 48කට කඩුලු 02ක්, අක්සාර් පටෙල් ඕවර 5ක් යවා ලකුණු 16ට කඩුල්ලක්, ලැබුවේය.
ඉන්දියාව ඉදිරියේ තිබුණේ එක් දින තරගයක් නොව, ටෙස්ට් ඉනිමකට සමාන ඉනිමකි. ඒ පහසු ඉලක්කයය පන්දුඔ ඕවර 43.2ක දී නිමා කළ ඉන්දියාව කඩුළු 04ක් ජයග්‍රහණයක් වාර්තා කළේය.

එල්කේ රාහුල්…

ඉන්දියාවේ මුල් පෙළ බිඳ වැටිණි. සුපිරි ක්‍රීඩක කෝලි ලබා ගත්තේ ලකුණු 04කි. එහෙත් අපට බැරි වුන දේ ඉන්දියානු පිතිකරුවෝ කළහ. මැද පෙළ තරගයේ වගකිම දැරුවේය. ඉන්දියා වෙනුවෙන් කඩුළු රකින ක්‍රීඩක කේ.එල් රාහුල් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහුට ඒ සඳහා කිසිම හදිස්සියක් තිබුණේ නැත. හදිස්ස් වන්නට උවමනාවකුත් නැත. පන්දු 103ක් ඒ ලකුණු 64 වෙනුවෙන් ඔහු වැය කළේය.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 36ක් ලැබුවේය. ඔහුත් ඊට පන්දු 53ක් වැය කළේය. ඒ තරම් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අතිරේක ලකුණු 18ක් ද ඉන්දියාවට ප්‍රදානය කර තිබිණි. වයිඩ් පන්දු 13ක් සහ නෝබෝල් පන්දු 02ක් ඒ අතර විය.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර පන්දු ඕවර 9.2ක දී ලකුණු 64කට කඩුලු දෙකක් ලැබුවේය. චාමික කරුණාරත්න ඕවර 8ක දි ලකුණු 51 කඩුළු 2ක්, ධනංජය ද සිල්වා ඕවර 3ක දී ලකුණු 09කට කඩුල්ලක්, කසුන් රාජිත ඕවර 09ක දී ලකුණු 46ට කඩුල්ලක් ලැබුවේය.
වනිඳු හසරංග කඩුළු දවා ගත්තේ නැත.

මේ වනවිටට තරගයක් ඉතිරිව තිබිය දී ඉන්දියාව තරගාවලිය දිනුම්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළයි ළාමාතුමාගේ ලංකාගමනයට පාර වහන අය !

Next Post

බොන් අගේන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළ හදිය මෙන්න… මේ කමිටු වාර්තාව කියවන්න….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.