අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළයි ළාමාතුමාගේ ලංකාගමනයට පාර වහන අය !

by Lanka Sara Editor
ජනවාරි 12, 2023 - Updated on ජනවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වසර කිහිපයක සිටම, ඉන්දීය රජයේ ගරු අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර  මෝදිගේ ආරාධනයෙන් සමස්ත ලෝකවාසී ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ, ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික සහ ආගමික නායකයා වන, මානව දයා ගුණයෙන් පිරිපුන්, නොබෙල් සාම ත්‍යාගලාභී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් වසරක් අවසානයේ බුද්ධගයාවට වැඩම කරන අතර 2022 වසරේදී ද සිය වාර්ෂික සංචාරය ආරම්භ කරමින් උන්වහන්සේ බුද්ධගයාවට සම්ප්‍රාප්ත වූහ.

 

මෙම සංචාරයට සමගාමීව පසුගියදා, එනම් 2022 වසරේ දෙසැම්බර් 28 වනදා බුද්ධගයාවේ පැවති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ දූත පිරිසට ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් හමුවිය.

 

RelatedPosts

නුවර කොළඹ පාර අද සිට මුළුමනින් විවෘතයි – නුවරඑළියටත් ගමන් පහසුකම්  

විපතට පත් වූවන් වෙනුවෙන් පැය 24 පුරා ‍‍වෛද්‍යවරුන් සූදානමින්

පොලිස් නිලධාරියකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය  වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය  නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය මකුලෑවේ විමල මහ නාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී  සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය  වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් මෙම හමුවට එක්වූ අතර එහිදී උන්වහන්සේලා විසින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටියහ.

 

මෙම ආරාධනය දෙරටක් අතර ආගමික සහජීවනය පදනම් කොට සිදු කෙරුණු එකක් පමණක් වන නමුත් මෙම කරුණ සැලවීමත් සමඟ චීන රජය දෙබරයකට ගල් ගැසූ කලෙක මෙන් කලබලයට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා හදිසියේ ශ්‍රී  ලංකාවට කැඳවනු ලැබූ අතර එසේ පැමිණි පසු ඔහුගේ ප්‍රථම රාජකාරිය වූයේ සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහානායක හා අනුනායක හිමිවරුන් බැහැදැක උන් වහන්සේලා විසින් සිදුකළ මේ ආරාධනාව පිළිබඳව විමසා බැලීමයි.

මේ අතරේ  චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන් බැහැදැක මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය නතර කරවීම උත්සාහ දරන බවට රාවයක් ඇත.  එම අනිසි ප්‍රයත්නය සාර්ථක කරවීම සඳහා මහනුවර හා ඒ අවට ජනතාව වෙත බඩු මලු 1000කට අධික ප්‍රමාණයක් බෙදා දීමටද  නියමිත සඳහන්ය.. මෙහි ඇති හාස්‍යජනක කරුණ වනුයේ ශ්‍රී ලංකාවේ සංචාරයට ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ආරාධනා කරවනතුරුම චීන තානාපති කාර්යාල නිලධාරීන්ට මහනුවර ජනතාව වෙත මෙම භාණ්ඩ බෙදා දීම සංවිධානය කිරීමට අමතකව තිබීමයි.

මීට කලින් වතාවකදීද දළයි ලාමාතුමන්ට ශ්‍රි ලංකාවේ සංචාරයක් සංවිධානය වෙද්දී චීනය මහින්ද රාජපක්ෂ රජයට දැඩි බලපෑමක් කොට එය වළකාලීමට කටයුතු කර ඇත.

මෙවරද මෙවැනි “ධාර්මික වූ අල්ලස්” ලබාදෙමින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්වීමට චීන රජය කටයුතු කරන්නේ ඇයි ද  යන්න විමසා බැලීම අතිශය වැදගත්ය.

වර්තමානය වන විට ලොව පුරා බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝකවාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර   වූ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ලොව ප්‍රමුඛතම ආධ්‍යාත්මික නායකයෙක් ලෙස පැසසුම් ලබමින් සිටී. ලොව පුරා සිටින වත්මන් කතෝලික ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා පාප්වහන්සේ වන්නේ යම් සේද, එලෙසම බෞද්ධ ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ය. එහෙත් උන්වහන්සේ මේ දක්වා පැමිණි ගමන් මග කිසිසේත්ම රෝස මල් ඇතිරූ මාවතක් නොවීය.

 

1950 වසරේදී චීන කොමියුනිස්ට් හමුදා ටිබෙට් දේශය ආක්‍රමණය කර එහි නැගෙනහිර ප්‍රදේශය අල්ලා ගත් අතර ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව ඉන් මහත් අසරණභාවයට පත්විය. ඉන්පසු අනන්ත වූ ලේ වැගිරීම් හා අරගල බහුල කාලපරිච්ඡේදයක් පසුකළ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව ඉන්දියාව වෙත සංක්‍රමණය වූ අතර එතැන් සිට සිය ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවීය. තථාගත බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව පෙරදැරිව අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන උන් වහන්සේ වරක් සිය උපන් දේශය අහිමි වීම පිළිබඳව “මට රටක් නැතිවුනා, නමුත් ලෝකයක් ලැබුණා” යනුවෙන් දැක් වූ ප්‍රතිචාරයම ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ උත්තරීතර දැක්ම මුළු මහත් ලෝක වාසී ජනතාව විසින් පිළිගත් ආකාරය පිළිබඳව කදිම සාක්ෂියකි.

 

පසුගිය කාලය පුරා චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික කාරණා සඳහා සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ අතර එහි දිගුවක් ලෙස සාමාජීය හා ආගමික කාරණා සඳහාද සම්බන්ධ වීමේ සූදානමක් පවතින්නේද යන්න මෙම “දලයි ලාමා විරෝධය” හමුවේ අප හට පැනනගින ගැටලුවයි.

 

2015 වසරේදී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී  ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතව සිටියද එය සිදු නොවූයේ ද චීනයේ බලපෑම නිසාදැයි මේ හේතුව නිසා සාධාරණ සැකයක් උපදී.

 

එහෙත් වර්තමාන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව වෙත ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ආගමනය සිදුවූයේ නම් ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය සමනය කිරීමට එය මනා පිටුවහලක් වනු නොඅනුමානය. මන්ද, උන්වහන්සේගේ පැමිණීමත් සමඟම ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින් සහ බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රබෝධයක් ඇති වනවාට අමතරව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ බැතිමතුන් වන ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, සහ තායිලන්තයේ වෙසෙන මහා පරිමාණ ආයෝජකයින් මේ සමඟම ශ්‍රී ලංකාවට පැමිණීමෙන්  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔවුනගේ දායකත්වය ලබාගැනීමේ කාර්යයද නිතැතින්ම සිදුවීමය. ඒ නිසා චීන රජයේ විරෝධය පසෙක ලා මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් පූර්ණ රාජ්‍ය  අනුග්‍රහය හා සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි පාර්ශ්වයේත් අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන්ගේ අනුශාසනාව යටතේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නිසි පියවර ගත යුතුය. එය ශ්‍රී ශ්‍රී ලංකාව තුළ විශාල බෞද්ධ පුනරුදයක් ඇතිකරලීමටත් හේතු සාධක වනවා නොඅනුමානය.

Tags: LatestSri Lanka
Share69Tweet43
Previous Post

ව්‍යාජ දළදා මළිගාව ගැන මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් සහ දියවඩන නිලමේ ලියූ ලියුමට අදාල පරීක්ෂණ ඇරඹෙයි…

Next Post

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.