පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ පුද්ගලයන් තිදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවකු පරීක්ෂා කිරීමට යාමේදී එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණ පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
සැකකාර කාන්තාව සහ පුද්ගලයන් දෙදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් අවුරුදු 51, 20 සහ 22 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.
එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතය.