බෝන් අගෙන් නම් ආගමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වටත් එසේ නොකළහොත් මෙම ආගම හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට යම් බලෑමක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ පැවැති සීමිත ඕවර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සහ බෝන් අගේන් ආගමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වී ඇති බලපෑම සම්බන්ධනේ විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය නිගමනය කර තිබේ.
මේ වනවිට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත ලබා දී ඇති මෙම පරීක්ෂණ වාර්තාවේ බෝර්න් අගෙන් ආගම හේතුවෙන් වූ බලපෑම පිළිබඳව කළ නිරීක්ෂණයේ පරිච්ඡේදයක් ලෙස ඇතුළත් කර ඇති අතර එයින් කියවෙන්නේ මෙම ආගමේ නායකයකු වන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවට කැඳවූ බවත් එහිදී තමන්ට ක්‍රිකට් ක්‍රිඩකයන් සමඟ පවතින සම්බන්ධය පිළිබදව වාර දෙකකදී පරස්පර ප්‍රකාශ සිදු කළ බවය.
මේ පිළිබඳව අදාළ වාර්තාවේ මෙසේ දැක්වෙයි.