සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

by Lanka Sara Editor
ජනවාරි 30, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ‘බෝන් අගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනයයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය කිසියම් පාර්ශ්වයක් විසින් ගොතන ලද අසත්‍ය තොරතුරක් බවත් වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටින්නෙමු.

විවිධ ජාතීන්ගෙන් පිරී තිබෙන රටක් වන ශ්‍රී ලංකාවේ ජාතීන් සියල්ල එකතු කරනු ලබන සුවිශේෂී අවස්ථාවෙක් වේ නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව පමණි. මන්ද යත් ක්‍රිකට් ක්‍රීඩාව යනු සෑම ශ්‍රී ලාංකිකයකු තුළම නොමියෙන ප්‍රේමයක් දෝර ගලන ක්‍රීඩාවක් බවට සහ ජාතීන්ගේ ආශාවක් සඵල වන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබෙන බැවිනි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල තේමා පාඨය පවා සකස් වී ඇත්තේ එයට ගරු කිරීමක් වශයෙන් බව මේ අවස්ථාවේදී මතක් කර දීමට කැමැත්තෙමු. “එකම කණ්ඩායමක් එකම ජාතියක් (One Team One Nation) යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේමා පාඨය සැකැසී ඇත්තේ ජාතීන් අතර වූ සහයෝගීතාවය පිළිබිඹුවීම මුල් කොට ගෙනය.

කණගාටුවට කරුණ වන්නේ එවන් උත්තරීතර තැනක තිබෙන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව, කිසිදු සත්‍යතාවකින් තොර වූ චෝදනා එල්ල කරනු ලබන පිරිස් වලට අමතක වීමය. එබැවින් මින් ඉදිරියට එවැනි චෝදනා කිරීමෙන් වැළකී සිටින ලෙස එම පිරිස් වෙතින් කාරුණිකව ඉල්ලා සිටීමට මෙය අවස්ථා කරගන්නෙමු.

1996 වසරේදී අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විටත් 2014 දී විස්සයි-20 ලෝක කුසලානය දිනා ගන්නා විටත්, අවස්ථා ගණනාවක ලෝක අනුශූරයින් ලෙස පත් වන විටත් පස් වතාවක් ආසියානු කුසලාන ජයග්‍රහණය කරන විටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආදරය සහ සෙනෙහස හදවතින්ම විඳ ඇත්තෙමු. එම ආදරය සහ සෙනෙහස අතරින් සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි වූ ක්‍රීඩකයින්ට කිසිදු වෙනස් කමක් සිදු නොකරමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩ හසර විවර කර දුන් අතර එහිදී ඇතැමුන් ජාත්‍යන්තරයේ ශ්‍රෙෂ්ඨයින් බවට පත්ව ඇති බව මේ රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

කිසිදු වෙනස්කමකින් තොරව සෑම දෙනාටම එකසේ විඳිය හැකිවන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සකස් කොට ඇති වෙනස්කම් කොට සැලකීමේ විරෝධී ප්‍රතිපත්තියට අනුකූලව නිරන්තයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබන බව සඳහන් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතරම, ජාතිය, වර්ණය, ආගම, සම්භවය, සංස්කෘතිය, ජනවාර්ගික සම්භවය, ජාතිකත්වය, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික දිශානතිය, අබාධිත භාවය, විවාහක අවිවාහක තත්ත්වය මෙන්ම මාතෘත්වය පිළිබඳවද කිසිදු වෙනස්කමක් නොකිරීමට අප වගා බලා ගන්නා බව සඳහන් කර සිටින්නේ ඉතාමත් වගකීමෙනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමැති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශය ගෞරවය කර සිටින අතරම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා කිසිදු පුද්ගලයකුගේ ආගමක් හෝ ඔහු හෝ ඇය විශ්වාස කරන දේ කිසි විටෙකින්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලකිල්ලට නොගනනු ලබන බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටීමට කැමැත්තෙමු.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු නොවන ආයතනයක් බව මේ අවස්ථාවේදී යළිත් මතක් කර සිටින අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආදරණීය රසිකයන් මෙන්ම ජනතාවට නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වටා එක් රොක් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – අපි සාදරයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

Next Post

අක්කා පෙන්නා නංගි දීලා අරගලය පාවා දෙන්න එපා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.