ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුළු 06ක් දැවී ලකුණු 591 ක් සහිතව අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තැනකය.
. තරගයේ ශතක හතරක් වාර්තා වූයේය..
නොදැවී පහර දෙන දිනේෂ් චන්දිමාල් පන්දු 155ක් තුළ හතරේ පහර 12ක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය. චන්දිමාල් මේ වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 14 වැනි ශතකය ය.

සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු පන්දු 114කට මුහුණ දී හතරේ පහර 11ක් සමගින් ලකුණු 102ක් නොදැවී ලබා ගත්තේය.

ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වර්තා කළහ. දිමුත් ලකුණු 179ක් වාර්තා කළේය. කුසල් 140ක් ලබා ගත්තේය.

ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවරයක් ලබා ගත හැකි ස්වර්ණමය අවස්ථාව නවක පිතිකරු නිශාන් මධුෂ්ක අතින් ගිලිහී යනු පෙනුනි. ඔහු ලකුණු 29කට දැවී ගියේ පන්දු 48කට මුහුණ දෙමිනි.
ශ්‍රි ලංකා කණ්ඩායම අපේක්ෂා නොකළ සේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පරිණතම පිතිකරු මෙන්ම හිටපු ටෙස්ට් නායකයෙක් වූ ඈන්ජලෝ මැතිව්ස් පන්දු 03කට පමණක් මුහුණ දී අයර්ලන්තය හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.
නයිට් වොච්මන් ලෙස පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 16ක් ලැබීය. ධනංජය ද සිල්වා ලබා ගත්තේ ලකුණු 12ක් පමණි.
අයර්ලන්තය වෙනුවෙන් මෙතෙක් හොඳම පන්දු යැවීම කියුටිස් කෑම්පර් ය. ඔහු ලකුනු 84 කට කඩුළු 02ක් බිඳ දැමුවේය.
මාර්ක් ඇඩයිර්, ඇන්ඩි මැක්බ්‍රයන්, බෙන් වයිට්, ජොර්ජ් ඩොක්ලර් කඩුල්ල බැගින් ලබා ගත්හ.
අයර්ලන්ත කණ්ඩායමේ කඩුළු දෙකක් මේ වනවිට ලකුණු 21කට දැවී ගොස්ය.







