අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලකුනු 401 ලබා ගත් නවසීලන්තය පරදා පකිස්ථානය ලකුණු 21කින් ජය ගනී!

by editor
නොවැම්බර් 4, 2023 - Updated on නොවැම්බර් 5, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එක් දින තරගයකදී  ලකුණු 401 ගසා පරදිනවා නම් එක්කෝ එය ලෝක කරුමයකි. නැතිනම් ලකුණු හඹා යන්නන්ගේ  ඉතිහාසගත ක්‍රිකට් වික්‍රමයකි.  එවැනි හඹා ගොස් දිනා ගැනීමක් අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ නැති බැවිනි.

එහෙත් ලකුනු 401ක් කඩුළු 06ක දි ලබා ගත් නවසිලන්ත පිල අද පකිස්ථානයට ලකුනු 21කින් පරාද වුනේය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුවය.

ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි  තරගය  ලෙස නවසීලන්තය සහ පකිස්ථානය අතර තරගය පැවැත්වුනේ බැංගලෝර් එම්. චින්නසාමි ක්‍රීඩාංගනයේ දී ය. තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.

ඒ තේරීම මොන තේරීමක් දැයි සිතුනේ නවසීන්ත කණ්ඩායම ගහපු ගැහිල්ලටය. නවසිලන්තයට පායපු අලුත් තරුව රචින් රවීන්ද්‍රය. රචින්    ඔහු පන්දු 94ක දි ලකුණු 108ක් ලැබුවේය. ඊට හතරේ පහර 15කි. එක් හයේ පහරකි.

නායක කේන් විලියම්සන් පන්දු 79ක දී ලකුණු 95ක් ගත්තේය. හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමගිනි.  පළමු දෙවැනි කඩුල්ල වෙනුවෙන් රචින් රවීන්ද්‍ර සහ කෙන් විලියම්සන් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුනු 213කි.  නවසීලන්තය කඩුළු 06ක් දැවී ලකුණු 401ක් රැස් කරගෙන පකිස්ථානයට හඹා ගොස් ජයගැනීමට ලකුනු 402ක ඉලක්කයක් ලබා දුන්නේය. ලකුණු 60කට කඩුළු 03ක් ලබා ගත් මොහොමඩ් වසීම් පමණක් පන්දු යැවීමේ දී සාර්ථක විය. හැරිස් රවුෆ්, ඉෆ්ටිකාර් අහමඩ් සහ හසන් අලි කඩුල්ල බැගින් ලබා ගත්හ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රචින් රවීන්ද්‍ර

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 04ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ දැවීයෑම පමණි. කදිම සම්බන්ධතාවයක් ෆකාර් සමාන් සහ නායක බාබර් අසාම් ගොඩනැගූහ. ෆකාර් සමාන් බැංගලෝරයේ දී පෑවේ ගිනි කෙළි සංදර්ශනයකි. ඔහු පන්දු 81ක දී නොදැවී ලකුණු 126කි. ප්‍රහාරක වේගය 155.55කි.  ලකුණු 126 හයේ පහර 11කි. හතරේ පහර 08කි. හතරේ පහර සහ හයේ පහරවලින් පමණක් රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 98කි. පිරිමි එක්දින ලෝක කුසලාන ඉනිමක හයේ පහර දහයක් හෝ වැඩි ගණනක් එල්ල කළ සිව්වැනි පිතිකරුවා වූයේ ඔහුය.

සිය සුපුරුදු වගකීම් සහිත ඉනිම ක්‍රීඩා කළ නායක බාබර් අසාම් නොදැවී  ලකුණු 66ක් පන්දු 63ක දි ලැබුවේය. ඒ හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් සමගිනි.

පන්දු ඕව 25.3 ක දී කඩුළු 01ක් දැවී පකිස්ථානය ලකුණු 200ක් ලබා සිටියේය. ධාරණිපාත වර්ෂාව ඇද හැලුනේ ඒ අවස්ථාවේදී ය.

මහා වර්ෂාව…

නවසීලන්තය ඕවර 25.3කදී ලකුණු 179ක් ලබා ගෙන සිටියේය. ඒ එක් කඩුල්ලකටය.   පාකිස්තානය 25.3කදී ලකුණු 200ක් ලබා ගෙන සිටියේය. ශුද්ධ ලකුණු වේගය ගණනය වන්නේ ඒ මත මත පදනම් කරගනිමිනි.

සවස 7.25ට තරගය මුලුමනින්ම අත්හැර දැමිමට විනිසුරුවරු තීරණය කළහ. පකිස්තානය ලකුනු 21ක ජයග්‍රහණයක් වාර්තා කළේය. තරගයේ වීරයා ෆකාර් සමාන්ය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසානයට ඉන්නේ එංගලන්තය ය. අද උදේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුනේය. ඔස්ට්‍රේලියාව ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත් බව සැබෑය.  එහෙත් එම  තරගයේ ද ක්‍රිකට් ක්‍රීඩාවට ඇවැසි තරගකාරී උනුසුම රැඳී තිබිණි. මේ තරගාවලියේ කුජිතම ක්‍රිකට් ගැසුවේ අප බව දැන් අපට සිතෙන්නේය.

අප ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සුය. රට ඕනෑතරම් පැරදී ඇත්තේය . රටට අවශය වූයේ පරාජයක් වුවත් ගෞරවණීය පරාජයකි.  පැරදුනත් කමක් නැතැයි හිතෙන තරමේ උණුසුම් තරගයකි.

ඒ තරග රටාව සිහිනයක් වී මළ මිනී වැනි පංචස්කන්ධ පිච් එක මැද මළගෙවල් හදන රටක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ලියැවෙනු ඇත්තේ කනත්තෙනි.  මේ ලෝක කුසලානය අපට ඉඟි කරන්නේ එයදැයි නොදනිමු.

මේ වනවිට ප්‍රසාද ලකුනු සටහනේ 04 තැන පසුවන්නේ පකිස්ථානය ය. ඇෆ්ගනිස්ථානය පියවරක් පසුපසට පැමිණ 06 වැනි තැනට පැමණ ඇත. අප 07වන තැනය. අපට පහලින් නෙදර්ලන්තයත් බංගලාදේශයත් එංගලන්තයත් සිටී.

ඒත් අපි ක්‍රිකට් බලමින් සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

Next Post

ඇමති ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට යද්දී ක්‍රිකට් පරිපාලනය තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් ගෙදර යවන්න හදයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.