ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වහාම ඉල්ලා අස්වනන ලෙස දන්වා තිබිය දී තම තනතුරුවල රැඳෙමින් ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සහ පුහුණුකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමත් සමග ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දි ලකුණු 50කට දැවි යාමෙන් පසු නිදහසට කරුණු විමසූ අවස්ථාවේ දී ඉදිරිපත් කළ කරුණු කිසිවක් කිසිම ආකාරයකින් සිදු කිරීමට මෙම තේරීම් කමිටුව හා පුහුණුකරුවන් සමත් වී නැති බවය.
දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම හමුවේ පමණක් අතාර්කික ලෙස පරාජයවීම සම්බන්ධයෙන් බරපතල සැකයක් ලෝකය පුරා ක්‍රීඩා ලෝලින් තුළ ඇති වෙමින් ඇති පරිසරයක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 55කට දැවී යාම සම්බන්ධයෙන් ද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිරීණය කර ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ වෙත්ත ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වසර ක්‍රීඩාව සංවර්ධනය කිරීම පසේක තබා ක්‍රීඩාව වෙනුවෙන් ලැබෙන මුදල් ස්වකීය සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කරන දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට පෙර නම්බු පිටින් ඉවත් වි යා යුතු බවය.







