පසුගිය මස 07 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායටල එල්ල කළ ප්‍රහාරයේ දී ඝාතනය වුන දෙවැනි ශ්‍රී ලාංකිකයා වන සුජිත් බණ්ඩාර යටවර ගේ දේහය මෙරටට යැවීමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
යටවරගේ දේහය ඉදිරි දින දෙක තුළ තානාපති කාර්යාලය වෙත භාර ගැනීමට නියමිත බව තානාපති නිමල් බණ්ඩාර යුද්ධයේ දි මිය ගිය ඊශ්‍රයාල ජාතිකයෙක් සේ සලකා ඊශ්‍රයාල රජයෙන් ලැබෙන සියලුම වන්දි ඒ ආකාරයෙන්ම ලැබීමට නියමිත බව දන්වා ඇත.
ඔක්තෝම්බර් 7 වනදා ඇති වූ ඊශ්‍රායල – හමාස් යුද්ධයේදී ශ්‍රී ලාංකික බණ්ඩාර යටවර ඝාතනයට ලක් වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිකුරාදා (3) තහවුරු කළේය. ඒ සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයකින්ද අනතුරුවය.
පලස්තීන හමාස් සටන්කාමීන් සමඟ පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා සිට ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ බව කී ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටින බවට සැක කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබිණි.
මීට පෙර හමාස් සටන්කාමින් විසින් ඝාතනය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වන අනුලා ජයතිලකගේ දේහය පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේය.







